ශ්‍රී ලංකාවෙහි වර්ෂයකට මත්පැන් හේතුවෙන් පුද්ගලයන් 20000ක් පමණ මිය යන බවත්, ඒ හේතුවෙන් දරුවන් 40,0000 ක් පමණ අසරණ වන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර, දුම් කොළ, නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ කමිටුව පෙන්වා දෙයි.
එහි සභාපතිනි, මහාචාර්ය අනුලා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කර සිටියේ කාන්තා පියයුරු පිළිකාවලට හේතුවන ප්‍රධානතම අවදානම් සාධකයක් ලෙස ඇල්කොහොල් හඳුනාගෙන ඇති බවයි.
ඒ අනුව සුරාබදු කොමසාරිස් වරයා කියූ අඩුමිල බෝතලයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ විරුද්ධ බව මහාචාර්යවරිය අවධාරණය කළාය.
ඇය වැඩිදුරටත් මෙසේද පැවසුවාය.
"2023 ජනවාරි මසදී ලෝක සෞඛ්‍ය සංවිධානය කීවේ ඕනෑම මට්ටමක මද්‍යසාර සිරුරට හානිකර බවයි.සුරාබදු කොමසාරිස් වරයා කියූ අඩුමිල බෝතලයට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය තරයේ විරුද්ධ වනවා.
අරක්කු මිල වැඩි කිරීමෙන් අරක්කු පරිභෝජනය වැඩි වනවා. කසිප්පු බොන අය එසේම බොනවා.කසිප්පුවල සිට අරක්කු වෙත හැරීමක් වන්නේ නෑ.“මද්‍යසාර නිසා කායික මානසික රෝග වැඩි වනවා.මද්‍යසාර නිසා ලස්සන ජීවිතයක් පොහොසත් රටක් යන සංකල්පය විනාශ වී රට තවත් දිළිඳු වෙනවා"