ඉදිරි මාසයක කාලය තුළදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ 12,800ක් පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් ලක්ෂ පහකට ආසන්න පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබෙන බවත්පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන්කළේය.
පොලිස් ස්ථාන දෙකක්ඒකාබද්ධ වන ලෙස 'සුවසාර කැදැල්ල' මධ්‍යස්ථාන දෙසිය පනස්හයක් ක්‍රියාත්මක කර මෙම පිරිස් පුනුරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙන බවත් මත්ද්‍රව්‍යවලට අබ්බැහි වූවන් පුනුරුත්ථාපනය කිරීම සඳහා රජයේ ආයතන පහක් සමග ස්ථාන 30ක් තිබෙන බවද පවසා සිටියේය.
මෙම ස්ථානවලින් වසරකට පුනුරුත්ථාපනය කරනු ලබන්නේ පන්දහසකටආසන්න ප්‍රමාණයක් බවත් එහෙත් සුවසාර කැදැල්ල වැඩසටහන යටතේ කෙටිකාලයක් තුළදී දහතුන්දහසකට ආසන්න පිරිසක් පුනුරුත්ථාපනය කරන බවදසඳහන් කළේය
සුවසාර කැදැල්ල ප්‍රජා පාදක පුනුරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වැඩසටහන යටතේ දෙවැනි අදියරේ කටයුතු බස්නාහිර පළාත දකුණු දිසාවේ ඊයේ (05දා) ආරම්භ වූ අතර, එම අවස්ථාවට සහභාගිවෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
"මේ රටේ තරුණ හා වැඩිහිටි පරපුරේ අකාලේ මිලින වී යන්න තිබෙන හෝ විනාශ වී යාමට තිබෙන ජීවිතරාශියක් මෙම වැඩපිළිවෙළින් බේරා ගැනීමට හැකියාව ලැබෙනවා.
2023 අවුරුද්දේ දෙසැම්බර් 17වන දින යුක්තිය මෙහෙයුම් ආරම්භ කළා. එය මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩපිළිවෙළ තුළින් මේ රටට මත්ද්‍රව්‍ය ගෙනල්ලා බෙදා හරින මිනිස්සුන්ව අත්අඩංගුවට අරගෙන නීතිය අනුව කටයුතු කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් අඩපණ කරන්න කටයුතු කරනවා.
මේ අනුව දවස ගානේ මත්ද්‍රව්‍ය සමග සිය ගණනක් අත්අඩංගුවට පත්වෙනවා. මේරටේ මත්ද්‍රව්‍යවල සුලබතාවය අඩුවෙමින් තිබෙනවා. සමහර ප්‍රදේශවල මත්ද්‍රව්‍ය නැති වී තිබෙනවා.
පියා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වූ පසු බිරිඳ ඒ ජාවාරම සිදුකරනවා. මව අත්අඩංගුවට ගත් පසු පුතා අදාළ ජාවාරම් සිදුකරනවා.ඒත් සියලුමදෙනා අත්අඩංගුවට ගෙන නීතිමගින් කටයුතු කරනවා.
සමහර අඩු ආදායම් ලාභී පිරිස් දෛනික වැඩ කිරීමට පෙර මත්ද්‍රව්‍ය භාවිතකරන තත්ත්වයත් තියෙනවා. එදිනෙදා වේල හරි අමාරුවෙන් හොයා ගන්න අය වැඩි මුදලක් මත්ද්‍රව්‍යවලට වියදම් කරනවා. මේ ආකාරයට ජීවිතේ වැරදුණු අයට සාමන්‍ය තත්ත්වයට පත්වෙන්න අවස්ථාව සලසා දීලා තියෙනවා.
ලක්ෂ පහක පමණ පිරිසක් කුමන හෝ මත්ද්‍රව්‍යයක් භාවිතකරනවා.මේ අනුව එම පිරිස්වල පවුල් ලක්ෂ දහයක් පහළොවක් සෘජුව පීඩාවිඳිනවා. මත්ද්‍රව්‍ය නිසා හොරකම් හා දූෂණය වැඩි වෙලා. හිංසනය වැඩි වෙලා. මේ නිසා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් පුනුරුත්ථාපනය කිරීම තුළින් විශාල සමාජ මෙහෙවරක් සිදුවනවා."