අයිස් මත් ද්‍රව්‍ය ලග තබාගෙන පානය කරමින් සිටි වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයෙක් හා හා ඔහුගේ මිතුරෙකු ඊයේ (29) මාතර දීයගහ ප්‍රදේශයේ කඩ කාමරයක් තුලදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
අදාල වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 400 ක්ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2100 ක් හා හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 180 ක්ද පොලීසිය සොයා ගෙන ඇත.
ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුබෝපභෝගී මෝටර් රථයද ඔහුගේ වෛද්‍ය නලාවද පොලිස් භාරයට ගෙන තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්