"අයිස්"මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් උරණවී ඇතැයි විශ්වාස කරන පුද්ගලයකු කිරිබත්ගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් බැන මරණ තර්ජනය කර ඇතැයි තොරතුරු අනාවරණය වීඇත.
අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වරයා පොලිස් ස්ථානයේ නොමැති අවස්ථාවක පොලිසියේ පොදු දුරකතනයට රාජකාරියේ නිරතව සිටි නිලධාරියාට මෙම දුරකතන ඇමතුම ලැබීමෙන් පසු අදාළ නිලධාරියා දැනුවත් කර ඇත.
මෙම පොලිස් නිළධාරියා ඇතුළු කණ්ඩායම දිගින් දිගට මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන බවත් මේවා අඩපණ කිරීමට උත්සහයක් දරන බවද කියති.
ඉකුත් සතියේ අයිස් මත්ද්‍රව්‍ය වැටලීමක් සම්බන්ධයෙන් තොරතුරු විමසා මෙලෙස මරණ තර්ජනය කර ඇතැයි ද කියති.
දැනට විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත මෙම මරණ තර්ජනය එල්ල කර ඇතැයි විශ්වාස කෙරේ මේ සිද්දිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමටත් විධිමත් පරීක්ෂණයක් කිරීමටත් නියමිතය.
බියගම පද්මසිරි රණතුංග