මහා පරිමාණයේ හෙරෝයින් ජාවාරමේ හා අපරාධ කල්ලියක නියුතු පිය පුතූ දෙදෙනකු හෙරෝයින් ග්රෑම් 10 ක් හා කඩුවක් , යුධ හමුදා කමාන්ඩෝ නිලඇදුම් කට්ටලයක්ද ඊයේ (23දා) පෝය දින කහතුඩුව ප්රදේශයේදී කහතුඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
මෙම දෙදෙනා තැනින් තැන නවාතැන් ගෙන මහ පරිමාණයේ ජාවාරම්කරුවන්ගෙන් ලබා ගන්නා හෙරෝයින් ඊෂි කෑෂ් ක්රමයට දීර්ඝකාලීනව කහතුඩුව, හොරණ, පිළියන්දල, මොරටුව, ලුනාව, බොරලැස්ගමුව යන ප්රදේශවලට අලෙවිකර ඇති බවට මූලික විමර්ශන වලට අනුව අනුවරණයවී ඇතැයිද පොලීසිය කියයි .
සැකකරුවන්ට මෙම හමුදා නිල ඇදුම් ලැබුනේ කෙසේද යන්න හෙලි නොකිරීමත් , ඒවා යොදාගන ප්රදේශයේ තවත් විවිධ අපරාධ සිදුකර ඇති බවට සැක කරන පොලීසිය අධිකරණයෙන් ලබාගත් රැදවුම් නියෝග මත රදවා තබාගන වැඩිදුර ප්රශ්න කරමින් පරීක්ෂණ සිදු කරගන යනු ලබන බවත් පොලීසිය පැවසීය.
දෙහිවල ධර්මපාල