මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාෂික් නැමැත්තාගේ සමීපතමයෙකු ලෙස කටයුතු කළ කොටිකාවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණ පරිශ්‍රයකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
වැටලීමක් සමගම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන ශිරාන් බාසිගේ පුතු වන නදීන් භාෂික් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකරු සමග හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් 29000 ක් සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැදුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් ඔරලෝසු තොගයක් සහ රන් භාණ්ඩ තොගයක් සහ ගමන් බෑගයක් පොලිස් භාරයට ගෙන ඇත.
සුඛෝපභෝගී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු නිලධාරියෙක් මෝටර් රථය නැවැත්වීමට සංඥා කිරිමේදී නිලධාරියාව අනතුරට ලක් කරමින් මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර සැකකරුවන් දෙදෙනෙකු පලාගිය බව පොලිසිය කියයි.
එහිදී එහි සිටි පොලිස් සැරයන් 84054 වාකිස්ට නිලධාරියා තුවාල ලබා ප්‍රතිකාර සඳහා නාරහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුළත් කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
අනතුරුව සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු වන හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරු පලා ගොස් තිබූ බව පොලිසිය කියයි
සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පලායන ලද සැකකරු ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාෂික් යන අයගේ පුතකු වන නදින් බාෂික් බවට අනාවරණය විය.
එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුරට ප්‍රශ්න කිරීමේදී එම නිවාස සංකීර්ණයේන් නිවස රුපියල් තුන්ලක්ෂ පනස්දාසක කුලී පදනම මත ලබාගෙන තිබෙන බවට අනාවරණය වූ බව පොලිසිය කියයි
එම නිවස පරීක්ෂා කිරීමේදී පලා ගිය නදීන් භාෂික් නැමැත්තා විවිධ පුද්ගලයන්ගේ ගිණුම්වලට ටෙලර් යන්ත්‍ර හරහා මුදල් බැර කළ,රිසිට් පත් තොගයක් , පොලිස් අම්මා නමින් මුදල් බැර කරන ලේඛන ඇතුළු රහසිගත ලේඛන තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 ක අංගොඩ කුඩා බුත්ගමුව පදිංචිකරුවෙකි.