මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග කිලිනොච්චි ආනන්දපුරම් නැගෙනහිර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චි පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකවරයා කයිට්ස් පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිට විවේකය ලබා සිටි අයෙකු බවද පොලිසිය සඳහන් කරයි.
ඉහත නිවසේ සැකකටයුතු පුද්ගලයන් පිරිසක්රැඳී සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27දා)රාත්‍රියේ අදාළ නිවස වටලා සෝදිසි කිරීමේදී එහි සිටි එක්පුද්ගලයෙකු ළඟ තිබීඅයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2,100ක් සහ ඩිජිටල් තරාදියක් සමග අත්අඩංගුවට ගත් බව පොලීසියේ සඳහන් කරයි.
එම නිවසේ තවත් සිවුදෙනෙකු සිට ඇති අතර, ඔවුන්ද අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ අතර මෙම උපපොලිස් පරීක්ෂකවරයාද සිටි බව පොලීසිය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මෙම නිවස කුලී පදනම මත ලබාගෙන එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති බව පොලීසිය තොරතුරු හෙළි කරගෙන ඇත.
සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා මෙම පිරිස සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූයේදයන්න හෙළි කර ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.
සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස මත්ද්‍රව්‍ය පානය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ අනුව ඔවුන් අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරි කිරීමට නියමිතව ඇත.
කිලිනොච්චි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.