එළැඹෙන මැයි මාසයේදී පොලිස් භාරයට ගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් පමණ විනාශ කිරීමට කටයුතු කරන බව අධිකරණ, බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
ඒ සඳහා මිලියන 18ක් වියදම් කර Incinerator යන්ත්‍රයක් මිලදී ගෙන තිබෙන බව අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග පිළිබඳ පැවති විවාදයේදී අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
"මත්ද්‍රව්‍ය විනාශ කිරීමේදී අපිට විශාල පාරසරික ප්‍රශ්න මතු වුණා. ඒ නිසා මහජන ආරක්ෂක අමාත්‍යාංශයත් අපිත් ඒකාබද්ධව මේ පිළිබඳව අවුරැද්දකට වැඩි කාලායක් සාකච්ඡා පැවැත්වුවා. ඒ අනුව පාරසරික ප්‍රශ්න විසඳන්න අපි විශේෂඥ උපදෙස් ලබා ගත්තා. අන්තරායකාරී ඖෂධ අධිකාරි මේකට මැදිහත් වුණා. ඒ අනුව ඔවුන් අපිට උපදෙස් දුන්නා මේවා මහජනතාව ගැවසෙන තැන් වල විනාශ කරන්න තහනම්, ඒක කරන්න හොඳ නෑ කියලා. මේක නූතන තාක්ෂණය පාවිච්චි කරලයි විනාශ කරන්න ඕනී. ඒ කියන්නේ Incinerator වගේ එකක් පාවිච්චි කරන්න ඕනී පරිසරයට හානි නොවන විදියට.
ඒකේ සෙල්සියස් අංශක 800ට නොඅඩු සෙල්සියස් අංශක 1,100ට නොවැඩි උෂ්ණත්වයක් යටතේ තමයි මේක කරන්න ඕනී. ඒ සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග අපි සොයලා බලලා වනාතවිල්ලුව පොලීසියට අයිති ඉඩමක් මේ සඳහා සොයා ගනු ලැබුවා. ඒ සඳහා අපි මිලියන 18ක් වියදම් කරලා Incinerator යන්ත්‍රයක් අපි මිලදී ගෙන තිබෙනවා. ඒක සවි කරලා ඉවරයි. ලබන මැයි මාසය තුළ අපි ඒ Incinerator යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ වන විට පොලිස්පතිතුමා මේ නඩු භාණ්ඩ ලෙස එකතු වුණු හෙරෝයින් වැනි විෂ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300ක් පමණ මුල් දිනයේදී අපි විනාශ කරන්න බලාපොරොත්තු වෙනවා. මින් ඉදිරියට අපි මේ ගැන මාසෙන් මාසේ තක්සේරැවක් අරගෙන, විනිසුරැවරැන්ගේ නියෝග පරිදි මේ මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ කටයුතු සිදු කරනවා. ඒකට තමයි මේ රෙගුලාසි ඉදිරිපත් කළේ."