කොරෝනා රෝගයෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද ( 1 ) දා සොයා ගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මත්තේගොඩ නිවාස සංකීර්ණය පදිංචි ( 67) පුද්ගලයකු බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා ඉකුත් පෙබරවාරි මස 20 වනදා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ඇති අතර අද (1) අලුයම මෙසේ මරණයට පත්වී ඇති බව පොලීසිය පවසයි.
මේ පිළිබඳව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමග මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට පැමිණ සිදු කළ ස්ථානීය පරීක්ෂණයට අනුව මියගිය පුද්ගලයා විදේශගතව සිට පැමිණි අයකු වූ බැවින් මෙම මරණය කොරෝනා රෝගය වැළදී මිය යන්නට ඇති බවට සැක කරණා බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධනුක පද්මරාජ මහතා පැවසීය .
ඒ අනුව එම ස්ථානයට හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුනා ජයසූරිය මහත්මිය පැමිණ මෘත දේහය මුද්‍රා තැබීමට පියවර ගත්තාය.
පසුව දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමු කොට දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට යොමු කිරීමට පියවර ගත්තේය .
එහිදී ලැබෙන වාර්තාවට අනුව මෘත දේහය පිළිබඳ ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
මේ අතර වෛද්‍ය පර්යේෂණායතනයේ මෘත දේහය පිළිබද වාර්තාව ලැබෙන තෙක් නිවසේ රැඳී සිට ස්වයං නිරෝධායන යෙදෙන ලෙස නිවැසියන්ට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් විසින් උපදෙස් ලබා දෙන ලදී .
එසේම නිවස හා අවට විෂබීජහරණයට ලක් කිරීමට ද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගැනිණි.
මත්තේගොඩ - ශාන්ත ප්‍රදිප්