මහව සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක් මඩකලපුව දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.අද පස්වරු 1.00 ට පමණ මඩකලපුව ප්‍රධාන දුම්රිය ස්ථානයට පැමිණි දුම්රිය පීලි පැනීමට ලක් විය.
මේ හේතුවෙන් මඩකලපුව ප්‍රධාන දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය වීමට නොහැකි බව මඩකලපුව දුම්රිය ස්ථානයේ ස්ථානාධිපති පෙරින්පරාජා මහතා පැවසීය.
දුම්රිය පීලි පැන ඇති බවත්, දුම්රිය ස්ථානයට ළඟා වීමට නොහැකි බවත් ඔහු පැවසීය.හෙට දිනයේදී සේවාව සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇති බව ද ස්ථානාධිපතිවරයා පැවසීය.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් දුම්රියෙන් පැමිණි මගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව වාර්තා වන නමුත් කිසිවෙකුට හානියක් සිදුවී නොමැත.
මඩකලපුව ට් එල් ජව්ෆර්කාන්


