වෙනස් නොවන අය දෙස බලා අභිවෘද්ධිය වෙනුවෙන් කළ යුතු දේවල් නොකර සිටීමට තමන් සූදානම් නොමැති බවත් අසුබවාදින් ඉදිරියට නොයන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
74 වැනි නිදහස් දිනයේදි ජාතිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව කෙටියෙන්.
අද ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස් රටක්. ජාති ආගම් භේදයකින් තොරව සෑම ශ්‍රී ලාංකිකයෙකුටම රටේ ඕනෑම ප්‍ර දේශයක නිදහස්ව ජීවත්විමට, තමන් කැමති ආගමක් ඇදහීමට, අදහස් ප්‍රකාශ කිරීමට, රට තුළ මාධ්‍ය නිදහසක් තිබෙනවා.
පූර්ණ ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් හරහා මහජන නියෝජතයන් පත්කර ගැනිමටත්, කැමති අයට රාජ්‍ය පාලනයට එක්වීමටත් නිදහස තිබෙනවා.
වගකීම් ගැන කථා නොකට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරිමෙන් පළක් නෑ. ආර්ථික, දේශපාලන , සමාජීය වශයෙන් රටක් නිදහස් විය යුතුයි.
වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප කළ යුතු දේවල් අත්හරින්න සූදානම් නෑ. රට වෙනුවෙන් නිවැරදි කිරීම අරමුණ මිස සියලු දෙනා සතුටු කිරිම අරමුණ නොවෙයි.
ධනාත්මක චින්තනයකින් පමණයි රට ඉදිරියට ගෙන යා හැකි වන්නේ. ජයග්රාහි චින්තනයකින් පමණයි රට ඉදිරියට ගමන් කළ හැකි වන්නේ.
අසුබවාදින් ඉදිරියට යන්නේ නෑ. රටේ නායකයෙකුට ගැටලු හා අභියෝගවලට නිරන්තයෙන් මුහුණ දෙන්න සිදුවෙනවා.
දැක්මක් කරා කණ්ඩායමක් මෙහෙයවීම පහසු නෑ. හොඳ අරමුණක් වෙනුවෙන් පවතින ක්‍රම වේද වෙනස් කිරීම පහසු නෑ. දේශීය මෙන්ම විදේශීය බලවේග අපිට එරෙහිව පෙනී සිටිනවා.
ධනාත්මක චින්තයකින් අභියේග ජයගත හැකියි. අභියෝග සැමදාම එක ලෙස පවතින්නේ නෑ. වර්තමාන අර්බුද කිසිවක් දිර්ඝ ගැටලු නෙමෙයි. සුබවාදී ප්‍ර වේශයකින් ගැටලු වලට විසඳුම් සෙවිය යුතුයි.
තම වගකීම නිසි ලෙස ඉටුකිරීමෙන් සියලු දෙනාම රට වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදිය යුතුයි. කොවිඩ් පාලනයට ඇති එකම විසඳුම එන්නත්කරණය ලෙස අපි කලින්ම හඳුනාගත්තා.
සාමාන්‍ය ජන ජීවිතය යළි ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ජනතාවට අවශ්‍ය උත්ප්‍රේරක මාත්‍රාව ලබාදීමට අවහශ්‍ය සියලු එන්නත් ගෙන අවසන්.
ගැටලුවලට කාලින හා දීර්ඝ කාලීන විසඳුම් සෙවිය යුතුයි. ලංකාවේ ආර්ථික සංවර්ධනයට කෘෂි කර්මාන්ත, කර්මාන්ත හා සේවා අංශ දියුනු කළ යුතුයි.
අපනයන සංවර්ධනය කළ යුතුයි. සැලසුම් ක්‍රියාත්මක කිරිමට මීට වඩා සක්‍රීය දායකත්වයක් අවශ්‍යයි. ආයෝජන දිරි ගැනීමට රජය කටයුතු කරනවා.
දේශීය මෙන්ම විදේශීය ආයෝජන අපට අවශ්‍යයි.
ඵලදායි අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ සිදුවෙමින් පවතිනවා. තම ක්ෂේත්රය තුළ දැනුම වැඩි කර ගැනීමට මෙන්ම වෘත්තීය සුදුසුකම් වැඩි කර ගැනිමට කටයුතු කළ යුතුයි.
අනාගත ඉලක්ක සාර්ථක කර ගැනීමට නම් සියලු දෙනා කැපකිරිම් කළ යුතුයි. ඒ සඳහා ආදර්ශ දිමට මම සූදානම්. දැනටමත් මම එය කර තිබෙනවා.
මම දේශපාලනඥයින්ට කියනවා රටට ආදර්ශවත් ලෙස කටයුතු කරන්න කියා. එවිට ජනතාව ඔබව අනුගමනය කරනු ඇත.
ජාතික නායකත්වයකට එරෙහි බලවේග ජනතාව නොමග යැවීමට කටයුතු කරනවා. මම ජනතාවට කියනවා සෑම විටම විචාර බුද්ධියෙන් කටයුතු කරන්න. සත්‍ය මත කටයුතු කරනවානම් කිසිවෙකුට ජනතාව නොමග යවන්නට බෑ.
රටේ ඒකීය බව හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිම මම පොරොන්දුවී තිබෙනා. එය මම සෑම විටම ඉටු කරනවා.
නීතියේ ආධිපත්‍ය සුරකින රටක්. මානව හිමිකම් කඩ කිරිමට රජය අනුබල දී නෑ. ඉදිරියේදීත් එවැනි කටයුතු වලට ඉඩ තබන්නේ නෑ.
අපි අද ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. මට රටේ නායක්තවය පැවැරුණේ ඉතාමත් දුෂ්කර අවස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත ගැටලු රැසකට විසඳුම් සොයන්න අපට සිදුවුණා. ඒ දුෂ්කරතා මැද සංවර්ධන කටයුතු රාශියක් කරන්න අපිට හැකියාව ලැබුණා. මගේ ඉදිරි කාලය තුළ රට තුළ තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් සියලු සැලසුම් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මොන ගැටලු ආවත් ජනතාව අනාගතය දෙස බලා ඔවුන්ගේ නිසි දායකත්වය ලබාදුන්නොත් අපිට ඒ අරමුණ ඉටුකර ගන්න පුළුවන්. "