තමන්ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් වටින්නේ මව්බිම යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. අරලිය ගහ මන්දිරයට රැස්ව සිටි පිරිස අමතමින් ඔහු මේ බව පැවැසිය. එසේම ජනතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කිරීමට තමන් සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
"ඔවුන්ට අවශ්‍ය බලය විතරයි. අපි එකතු වෙලා රට ගොඩ නගමු කිව්වට ඒකට එකඟ වුණේ නෑ. දැන් සර්ව පාක්ෂික ආණ් ඩුවක් යෝජනා කරනවා.
ජනාධිපතිතුමාට බාධාවකින් තොරව තීන්දුවකට එලඹෙන්න පුළුවන්. පොදුජන යහපත වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් කරන්න අපි සූදානම්. 69 ලක්ෂයක ජනවරම පාවාදෙන්න්නට කාටවත් හැකියාවක් නෑ.
මම දේශපාලනයට ගොනාවේ ඔබතැබූ විශ්වාසයයි. මම ඉන්නේ ජනතාවගේ පැත්තේ. මේ රටේ අනාගතය වෙනුවෙන් ඔබත් එක්ක එක තීරණයකට එන්න අපි සූදානම්. මට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් මව්බිමයි. "