බදු අඩු කිරිම වැනි ජනප්‍රිය තීරණ ගැනීමට තමන් කටයුතු නොකරන බවත් තමන්ට ජනප්‍රිය වීමට අවශ්‍ය නොවන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
"පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම පහළ ගියා. මේ නිසා රටේ ආර්ථිකයේ සිදුවන විනාශය ගැන දැනගත් ජනතාව හා ආයතන කිව්වා පැරණි බදු ක්‍රමයට යන්න කිව්වා.
මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියූ අයම අද එය විවේචනය කරනවා. බදු අඩු කිරීම සඳහා නව ප්‍රතිපත්ති හදුන්වාදීම ජනප්‍රිය තීරණයක්.
මතක තියා ගන්න මට ජනප්‍රිය වෙන්න අවශ්‍ය නෑ. මට අවශ්‍ය වන්නේ මේ රට වැටී තිබෙන තත්ත්වයෙන් යළිත් ගොඩ නංවන්නයි. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්ම තව අවුරුදු දෙක තුනකින් සෑම දෙනෙකුටම දැනෙයි.
බදු ගෙවිය යුතු සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 2 දෙක දක්වා ඉහළ නැංවිය යුතු බවත් උපයන විට ගෙවන බදු අහෝසි කළ යුතු බවත් ඇතැම් අය කියනවා.
උපයන විට ගෙවන බදු අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැම්මොත් රටට රුපියල් බිලියන 63ක් අහිමිවෙනවා. අහිමිවෙන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163යි. මේ සා මුදලක් අහිමි කර ගන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි අපි ඉන්නේ.
දුබල ආර්ථිකය නිසා අපිට මේ බදු බර වැඩියෙන් දැනෙනනවා. වැඩි බදු ප්‍රමාණයක් ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සියලු ජනතාව වක්‍ර බදු ගෙවනවා. තවත් මාස පහ හයක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපිට විසඳුමකට යන්න පුළුවන්.
මේ විදිහට ගියොත් තුන්වැනි හා හතරවැනි කාර්තුවේදී රජයේ සේවකයන්ට අමතර දීමනාවක් ලබාදෙන්න අපිට පුළුවන්. පුද්ගලික අංශට සහන දෙන්න පුළුවන්. බැංකු පොලිය අඩු කරන්න පුළුවන්. තව අවුරුදු තුනක් ගත වෙද්දී අද ලැබෙන ආදායමට වඩා සියයට 75කට වැඩි ආදායමක් ජනතාවට ලබන්න පුළුවන්."