භූමදානය කිරීම සහ ආදාහනය කිරීම පිළිබඳ අයිතිවාසිකම් පනත ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මිය යාමෙන් පසුව, සෑම තැනැත්තෙකුගේම මෘත ශරීරය බැහැර කිරීමේ ආකාරය පිළිබඳව තීරණය කිරීමේ අයිතිවාසිකම එම තැනැත්තා වෙත ප්රදානය කිරීම සඳහා සහ ස්වකීය මෘත ශරීරය බැහැර කළ යුතු ආකාරය පිළිබඳව කැමැත්ත ප්‍රකාශ කර නොමැති තැනැත්තෙකුගේ මිය යාමකදී මරණකරුගේ අභිරුචින් සහ ආගමික, සංස්කෘතික හෝ පෞද්ගලික විශ්වාස පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වමින් එම මරණකරුගේ මෘත ශරීරය භූමදානය කළ යුතු ද, ආදාහනය කළ යුතු ද යන්න තීරණය කිරීමේ අයිතිවාසිකම
එකී තැනැත්තාගේ ළඟම ඥාතියාට පැවරෙන පරිදි විධිවිධාන සැලැස්වීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසරය ලබා දී තිබේ.
ඒ අනුව සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.