ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති හිමියන් එම ධුරයෙන් ඉවත්කර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් වෙනුවෙන් සාධනීය පිළිතුරු ලබා දෙන තෙක්, තමන් ආරම්භ කල සත්‍යග්‍රහය අත් නොහරින බව ශිෂ්‍ය භික්ෂු සංගමය පවසයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (11දා) දහවල් 12.00 සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට එම විශ්වවිද්‍යාලයේ පාලක මණ්ඩලය සිදු කල දැනුම් දීම අනුව ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා නේවාසිකාගාරවලින් ඉවත්වුවද සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා අරගල භූමියේ සටන අත් නොහරින බව ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භික්ෂු ශිෂ්‍ය සංගමයේ ලේකම් කරගම්පිටියේ සිරිසුමන හිමියන් පැවසූහ.
ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම් වලට ඉකුත් 10 දින රැස්වූ පාලක මණ්ඩලය මගින් සාධනීය පිළිතුරු අපේක්ෂා කලද මෙරට ඇති එකම ථෙරවාදී බෞද්ධ භික්ෂු විශ්ව විද්‍යාලය වසා දැමීමට එම පාලක මණ්ඩලය කටයුතු කල බවද එම හිමියන් සදහන් කලහ..
භික්ෂු ශිෂ්‍ය සංගමය විසින් සිදු කරන ඉල්ලීම් ඉතා සාධාරණ බවත් ඒකාධිපති පාලනයක් ගෙන යන අත්තනෝමතික ක්‍රියා කලාපයක් සිදු කරන ඒකාධිපතිවරයෙකු වන කුලපති හිමියන්ට විරුද්ධව මෙම උද්ඝෝෂණය සිදු කරන බවත් එම උපකුලපතින් වහන්සේට විරුද්ධව අනිවාර්යෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ද භික්ෂු ශිෂ්‍ය සංගමය පැවසූහ.