වසාදමා ඇති ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ලබන 15 වැනිදා ආරම්භ කරන බවත්, ඒ පිළිබඳ ශිෂ්‍ය හිමිවරුන්ට දන්වා ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය හිමිවරුන් ප්‍රථම වසර ශිෂ්‍ය හිමිවරුන්ට සිදු කළ නවකවද ක්‍රියාකාරකම් හේතුවෙන් සහ වෙනත් විනය හේතු මත මෙම විශ්වවිද්‍යාලය වසා දැමීමට සිදු වූ බවත්, ඉන්පසුව නැවත ආරම්භ වූ විශ්වවිද්‍යාලය විභාග වර්ජනයක් හේතුවෙන් නැවත වසා දැමීමට කටයුතු කළ බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
ස්ථාවර නියෝග 27/2 යටතේ අද (12දා) පාර්ලිමේන්තුවේදී සර්ව ජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.