චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී උපයාගත් රුපියල් මිලියන 365 කට අධික මුදල රාජසන්තක කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (16) නියම කළේය.
රුපියල් කෝටි 3 1/2ක දඩයකටද ඔහු යටත් කළ විනිසුරුවරයා විත්තිකරුට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර එය වසර 15ක කාලයකට අත්හිටුවීමටද නියම කළේය.
නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව පෙන්වා දෙමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ චීන භාෂා පරිවර්තකයකු වශයෙන් රැකියාවක් කිරීමට ලංකාවට පැමිණ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් මාස 06ක් වැනි කෙටි කාලයක් තුළදී රුපියල් කෝටි 36 1/2 කට අධික මුදලක් උපයාගත් බවටට චෝදනා ලැබු චු ෂෙන් නමැති චීන ජාතිකයාටය.
2017 සැප්තැම්බර් පළමුවැනිදා සිට 2018 පෙබරවාරී 28 වනිදා දක්වා අතර කාලය තූල කොළඹදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ බලපත්‍රයක් නොමැතිව ලංකාව තුළ මැණික් ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 365ක මුදලක් උපයා ගත් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි පනත යටතේ සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුට එරෙහිව තීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණී.
මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු බවට විනිසුරුවරයා තීරණය කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාා කරුණු දක්වමින් මෙම තත්වය රටට ඉතා අහිතකර බවත් සෙසු විදේශිකයින්ටද පාඩමක් වන ලෙස මෙම විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.
විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රන්ජන් ද සිල්වා මහතා ලංකාව තුළ මැණික් වෙළදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව නොදැන කළ ව්‍යාපාරය නිසා තමම සේවාදායකයාට එරෙහිව මෙම චෝදනා එල්ල වු බවත් ලංකාව තුළ මැණික් වෙළදාම් කිරීම සඳහා බලපත්‍ර අවශ්‍ය බව දැනගත් වහාම ඔහු ඊට අවශ්‍ය බලපත්‍ර ලබාගත් බවත් කීය.
කෙසේ වුවත් විදේශිකයකු වන තම සේවාදායකයාට ලිහිල් දඬුවම් නියම කරන්නැයි නීතීඥ රන්ජන් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව පොදු දේපළ පනත යටතේ ගොනුකර ඇති දෙවන චෝදනාවට වරදකරු කරනු ලැබූ විත්තුකරුට නීති විරෝධී ආකාරයෙන් උපයාගත් බවට චෝදනා එල්ල වී ඇති රුපියල් මිලියන 365 මුදල මෙන් තුන් ගුණයක මුදලක් දඩයක් පැනවිය හැකි වුවත් විත්තිකරුගේ නීතිඥවරයා ඉදිරිපත් කළ කරුණු අනුව එවැනි නියෝගයක් හෝ සක්‍රීය සිර දඬුවම් නියම නොකරන බවත් විනිසුරුවරයා පැවසීය.ඉන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් පැනවීය.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ රජයේ අධිනීතීඥ පද්මලාල් ද සිල්වා මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.විත්තිකරු වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමසිංහ මහතා සමඟ නීතිඥ රන්ජන්ද සිල්වා මහතා පෙනී සිටියේය.