දඹදිව වන්දනාවේ යෑම සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා භික්ෂු හැඳුනුම්පතක් ගැනිමට උත්සාහ කරණ ලද දසසිල් මාතාවක් අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ ආරාමයක වැඩ සිටින 50 හැවිරිදි දසසිල් මෙහෙණියෙකි.
මෙම දසසිල් මෑණියන් දඹදිව වන්දනාවේ යෑම සඳහා සූදානම්වී විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගොස් තිබේ. එහෙත් එම දසසිල් මෑණියන් සතුව තිබී ඇත්තේ ගිහි හැඳුනුම්පතක් නිසා ආගමන විගමන නිලධාරීන් පවසා ඇත්තේ ගිහි හැඳුනුම්පතට විදේශ ගමන් බලපත්‍රය ලබා දිය නොහැකි බවත් ඒ සඳහා භික්ෂු හැඳුනුම්පත අවශ්‍ය බවත්ය.
එම අවස්ථාවේ එතනට පැමිණි පුද්ගලයෙකු තමාට භික්ෂු හැඳුනුම්පත සකස්කර දීමට උදව් කළ හැකි බව පවසා ඇත. එයට දසසිල් මෑණියන් එකගවු පසු එම පුද්ගලයා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ අත්සනට නිල මුද්‍රාව තැබු ලිපියක් දසසිල් මෙහෙණින් වහන්සේට ලබාදී ඇත එවිට දසසිල් මෙහෙණින් වහන්සේ එම ලිපියද භික්ෂු ඡායාරූපද රැගෙන ගාල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත ගොස් අදාල ලිපි ලේඛන ඉදිරිපත් කොට භික්ෂු හැඳුනුම්පත ඉල්ලුම්කර ඇත.
එහිදි එම කාර්යාලයේ නිලධාරින්ට ඇතිවු සැකයක් නිසා මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගෙන් විමසා ඇත.එහිදි බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පවසා ඇත්තේ එහි ඇති අත්සන තමාගේ නොවන අතර එය ව්‍යාජ එකක් බවය.මේ අතර හැඳුනුම්පත ලබා ගැනිමට පැමිණ සිටි සිල් මාතාවටද ඇතිවු සැකයක් නිසා එම කාර්යාලයෙන් පිටව ගොස් ඇත.
ඉන්පසුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් මේ පිළිබඳ ගාල්ල පොලිසියට පැමිණිලි කිරිමෙන් පසු සැකකාර සිල් මාතාව අත් අඩංගුවට ගෙන තිබේ.
චන්දන සමරවික්‍රම