බොරැල්ල සරණපාල හිමි මාවතේ නිවසක් වටලා සිදුකළ පරික්ෂාවේදී" කුඩු ශිරෝ" නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලක් තැන්පත්ව තිබූ බැංකු පොතක් , මත්ද්‍රව්‍ය සහ මුදල් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එයට අමතරව එම සැකකාරිය සන්තකයේ තිබී හොරයින් මත්කුඩු මිල ග්‍රෑම් 3180 ක් ජාවාරමෙන් උපයා ගත් රුපියල් 95000/= ක මුදලක් හා ජංගම දුරකථනයක් පොලිස් භාරයට ගෙන ඇත
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කර සිටින උප පොලිස් පරීක්ෂක හේෂාන් නිලධාරියා ඇතුළු කණ්ඩායමක් විසින් සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ මෙහෙයුමේදී ලද තොරතුරක් අනුව සැකකාරිය පදිංචි නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී මෙම මත්ද්‍රව්‍ය සහ බැංකු පාස් පොත ඇතුළු මුදල් තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි
සැකකාරියගේ නිවස තුළ තිබී සොයා ගත් රාජ්‍ය බැංකුවකට අයත් බැංකු පොත පරික්ෂා කිරීමේදී එහි රුපියල් ලක්ෂ 80 ක මුදලක් තැන්පත්ව තිබියදී මෑතකදී රුපියල් 50000/= මුදලක් නැවත ලබාගෙන ඇති අයුරු සටහන්ව තිබූ බව පොලිසිය කියයි
එවැනි මුදලක් බැංකු ගත කළේ කුමන ආකාරයෙන්ද යන්න සිදු කළ ප්‍රශ්න කිරීමේදී එයට සාධාරණ පිළිතුරක් ලබා දීමට සැකකාරිය අපොහොසත් වූ බව පොලිස් නිලධාරියකු පැවසීය
සැකකාරිය භාරයේ තිබූ ස්මාට් වර්ගයේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ ද විශාල මුදල් ප්‍රමාණයක් හුවමාරු වී ඇති බවට එහි සටහන්ව ඇතැයි විමර්ශන පවත්වන පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවසීය
46 හැවිරිදි සැකකාරියගෙන් රඳවා ගැනීමේ නියෝග මත මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නිවිල්ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්ස්ලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක හේෂාන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි