වරාය අධිකාරියේ අධ්යක්ෂක මානව සම්පත් කළමනාකරුගේ බොරලැස්ගමුව කටුවාවල නිවසට උල් පිහියක් රැගෙන ඇතුළු වි මෙහෙකාරිය බියගන්වා රුපියල් කෝටි 1 1/2 ආසන්න වටිනා රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අතර කොල්ලය සිදුකළ පුද්ගලයා කොල්ලය සැලසුම් කළ පුද්ගලයා සහ කොල්ල යේ දේපල සඟවාගෙන සිටි පුද්ගලයා ද වන බව පොලීසිය සඳහන් කරයි.
එම නිවසින් කොල්ල කා තිබූ රුපියල් රුපියල් ලක්ෂ 35 ක මුදලින් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක්, ඇමරිකානු ඩොලර් 10950 ක් රුපියල් ලක්ෂ 40කට ආසන්න රන් ආභරණ මෙන්ම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සන්තකේ තිබූ ජීව අත්බෝම්බයක් මෙන්ම හොරයින් මත්කුඩු ග්රෑම් 24 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් මස 12 දින මෙම කොල්ලය සිදුවී තිබිණි. මෙහෙකාරියගේ සැමියා සහ දරුවා දීන කිහිපයක සිට අධ්යක්ෂකවරයාගේ නිවසේ නැවතී සිට ඇති අතර ඔවුන් ගම් ප්රදේශයට ඇරලිම සඳහා මෙහෙකාරිය මහරගමට ගොස් නිවස වෙත පැමිණෙනවාත් සමඟම ඇයගේ පිටුපසින් පැමිණි නාඳුනන පුද්ගලයකු මරණ බවට තර්ජනය කරමින් ඇයගේ අත් ඉදිරිපස කර ගැට ගැසූ බවත් මෙහෙකාරිය පොලිසිය හමුවේ එදින ප්රකාශ කර තිබිණි
අනතුරුව කොල්ලකරු විසින් මෙහෙකාරි අමතා නිවස තුළ තිබෙන වටිනා භාණ්ඩ තිබෙන තැන් පෙන්නන ලෙසට තර්ජනය කර ඇති අතර මෙහෙකාරිය විසින් එම ස්ථාන පෙන්වීමෙන් අනතුරුව කොල්ලකරු එම දේපල රැගෙන පලාගොස් තිබූ බව පොලිසිය කියයි
මෙම කොල්ලේ සැලසුම් කර තිබුණේ අධ්යක්ෂකවරයාගේ නිවසේ වහලය පිළිසකර කිරීම සඳහා අවස්ථා කීපයක දී පැමිණි පුද්ගලයකු බවට විමර්ශනවලදී අනාවරණය විය
ඔහු ඒ සදහා උලපනේ ප්රදේශයේ විවිධ අපරාධ වලට සම්බන්ධ පුද්ගලයකු යොදවා කොල්ලය සිදුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීය
එම සැකකරු සීසීටීවී දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මහරගම ප්රදේශයේදී ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී කොල්ලයේ සුලමුල අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි
ඒ අනුව මෙම කොල්ලය සැලසුම් කළ පුද්ගලයා කලකට ඉහත දී අධ්යක්ෂකවරයාගේ නිවසේ වහලය පිළිසකර කළ පුද්ගලයා බවට අනාවරණය වීමෙන් අනතුරුව නිලම්මහර ප්රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්රශ්න කිරීමේදී එම නිවසින් කොල්ලකා තිබූ මෙරට මුදල් තුන්ලක්ෂ 45000 ක මුදලක් , ඇමරිකානු ඩොලර් 1500 ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිගෑම් 12400 ක් පොලිස් භාරයට ගැනිණි
අනතුරුව එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්රශ්න කිරීමේදී කොල්ලයේ තවත් දේපල තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයකු බෙල්ලන්තර ප්රදේශයේදී අත්අඩංගුවට සිදු කළ ප්රශ්න කිරීමේදී එම සැකකරු සන්තකයේ තිබී එම නිවසින් කොල්ල කන ලද රුපියල් ලක්ෂ 35කට අධික වටිනා රන් භාණ්ඩ, ඇමරිකානු ඩොලර් 9450 ක් මෙරට මුදල් 4 ලක්ෂ 20000 ක් මෙන්ම හොරයින් මත්කුඩු මිලිගෑම් 11200 පොලිස් බාරයට ගෙන ඇත
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ම විවිධ අපරාධ වලට සම්බන්ධ වූවන් බවත් විවිධ අධිකරණ වල නඩු විභාග වෙමින් පවතින පුද්ගලයන් බවත් පොලිසිය කියයි