බේරුවල පන්නිල, කරදගොඩ,අක්කරගොඩ, චීන කොටුව යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් හමුවූ ගම්මාන අවදානම් රතු කලාප ලෙස නම් කර එම ගම්වල පදිංචිකරුවන්ව හුදෙකලා කර නිරෝධායනයට ලක්කිරීමෙන් තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම මේ වන විට ගැටලුවක් බව නිරෝධායන ට ලක්වන පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කරති.
යුද හමුදාව හා පොලිසිය මෙම ගම්මාන 05 ආවරණය වන ලෙස ඇඳිරි නීතිය සහ නිරෝධායන නීති ආරක්ෂා වන ලෙස 24 පැය පුරා යොදවා ඇති බවත් තම පවුල්වල සාමාජිකයින් දහස් ගණනකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ක්‍රමවත්ම නොලැබීම හා මෙම ගම්මාන පහ තුළ ඇති වෙළෙඳ සැල් ද වසා තිබීම තමන් මුහුණ දෙන ගැටලුවක් බව ගම්වැසියෝ ප්‍රකාශ කරති.
මෙම ගම්මාන පහෙන් ,ගම්මාන දෙකකම ග්‍රාම නිලධාරීන් ද හුදෙකලා වූ සාමාජික පවුල් අතර සිටින බැවින් තමන් පිළිබඳ සොයා බැලීමට ඔවුන්ට ද හැකියාවක් නොමැති බව එම ගම්වැසියෝ තවදුරටත් ප්‍රකාශ කරති.
මේ අතර මෙම හුදකලා වී සිටින ගම්මානවල ජනතාවගේ පිරිසකට තම මාසික වේතනය පවා ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් එම අවශ්‍යතාවය ඉටුකරගැනීමට හුදෙකලා ගම්මාන වෙත ජංගම මුදල් ලබාගැනීමේ රථයක් එවන ලෙසත් ඔවුහු ඉල්ලීමක් කරයි .
මෙම තත්ත්වය පිළිබඳ මානුෂීයව සිතා කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන්නැයි නිරෝදායනය වන පවුල්වල දහස් ගණනක් ජනතාව බේරුවල ප්‍රාදේශීය ලේකම් වරයාගෙන් සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගෙන් ඉල්ලීමක් කරයි.
දින 21 ක කාලයක් හුදකලාවී නිරෝධායන වන පුද්ගලයින් ගේ මූලික අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කර යුද හමුදාව යොදවා හෝ තමාට අවශ්‍ය භාණ්ඩ මුදලට හෝ සහනාධාර වශයෙන් ලබාදීමට ඉක්මනින් පියවරක් ගන්න එම ජනතාව ඉල්ලයි.
අලුත්ගම තුසිත කුමාරද සිල්වා