පසුගිය ජනවාරී 21වන දින අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුලු පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධියේ මෙරටින් පලාගිය සැක කරුවන් දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අතර ඝාතන සිද්ධියේ වෙඩික්කරුවකු වන “ඩබල් ටැප් චූටි” සිටින බව වාර්තා වේ.
මෙම ඝාතනය කොස්ගොඩ සුජීගේ මෙහෙය වීම මත පෙජරෝ රථයකින් පැමිණ ටී56 වර්ගයේ ගිනි අවි දෙකක් භාවිතා කර ඩබල් ටැප් ක්රමයට එම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශන වලදී අනාවරණය විය. පසුව එම වෙඩික්කරුවන් රටින් පලාගිය බවත් ඔවුන් නිට්ටබුව හා බලපිටිය ප්දේශයන් වල පුද්ගලයින් බව වාර්තා විය. සිද්ධිය සම්බන්ධයේ ආධාර අනුබල දුන් චෝදනා මත සැකකරුවන් කීප දෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත් වී සිටින අතර ඔවුන් මේ වන විට රක්ෂිත බන්ධනාගත කර ඇත.
කසුන් රණසිංහ