බෙන්තොට රජයේ රෝහලේ වෛද්‍ය නිලධාරියෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තරුණයින් හතර දෙනෙකු අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලීසිය පැවසීය.
ඉකුත් 20 දා රාත්‍රියේ බෙන්තොට රෝහල ඉදිරිපිට කොළඹ - ගාල්ල මහා මාර්ගයේදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලබා රෝහලට ඇතුළත් කළ තිදෙනෙකුට ප්‍රතිකාර කරමින් සිටියදී සහ ඉන්පසුව රෝහලට පැමිණි එක් තුවාලකරුවෙකුගේ පාර්ශවයේ පිපිරිසක් විසින් වෛද්‍යවරයාට මෙම තර්ජනය කර ඇතැයි පොලීසිය කියයි.
රෝහලේ පැවති දන්සලකට අවශ්‍ය ද්‍රව්‍ය ගෙන ඒම සඳහා යමින් සිටි සෞඛ්‍ය කාර්ය සහායකවරයෙකු හා සහායිකාවක රැගත් යතුරුපැදියක් සහ බෙන්තොට සංචාරක හෝටලයක සේවය කරන තරුණයෙකු විසින් පදවාගෙන ගිය යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
එම අනතුරෙන් එක් යතුරු පැදියක ගමන් ගත් සෞඛ්‍ය සහායකවරයා සහ සහායකවරියත් අනෙක් යතුරු පැදියේ ගමන් ගත් හෝටල් සේවකයාත් තුවාල ලබා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර තිබිණි .
එහිදී වෛද්‍යවරයා විසින් රෝහල් සේවකයන් දෙදෙනාට මුලින්ම ප්‍රතිකාර කළේ යැයි චෝදනා කරමින් හා වාට්ටුව තුළ ජංගම දුරකතනයකින් වීඩියෝ කරමින් සිටි හෝටල් සේවකයා වෙනුවෙන් පැමිණ සිටි පිරිසේ අයෙකුට වෛද්‍යවරයා විසින් අවවාද කර ඇතැයි පැවසේ.
එහිදී ඔවුන් වෛද්‍යවරයාට බැණවැදී තර්ජනය කර රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් වෛද්‍යවරයා පොලීසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත.
පසුදාද රාත්‍රියේ රෝහලට පැමිණ ඇතැයි කියන පිරිසක් අදාල වෛද්‍යවරයා සිටින්නේ කොහේදැයි සොයා ආපසු ගොස් ඇති අතර මේ හේතුන් නිසා රෝහලේ කාර්ය මන්ඩලය 22 දා රාජකාරි කටයුතුවලින් වැලකී සිටි බවටද වාර්තා විය.
පසුව වෛද්‍යවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ඉඳුරුව ප්‍රදේශයේ තරුණයින් හතර දෙනෙකු 22 දා සවස බෙන්තොට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් ඊයේ(23) බලපිටිය මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. බෙන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
බෙන්තොට ජේ.ඉඳුරුවගේ