බෲස්ලි විසින් මුලින්ම හැදෑරූ සටන් කළා ශෛලිය වන " විංචුං " (Wing Chun ) සටන් කළා ශෛලියේ නව වන පරම්පරාවේ නිල උරුමක්කරු වන " ය සඕරොන්ග් " ( Ye Shaorong ) මහතා එම ශෛලියේ සටන් කළා වැඩසටහනකට සහ පුහුණු වැඩසටහනකට සහභාගී වීම සදහා තවත් සටන් ශිල්පීන් 07 දෙනෙකු සමග 01/04 දින රාත්‍රී චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
26 හැවිරිදි ය සඕරොන්ග් මහතා විංචුං සටන් කළා පරම්පරාවේ වත්මන් නිල ප්‍රධානියා වන අතර ඔහු චීනයේ පුජියෑන්ග් පළාතේ විශාලතම සටන් කළා පාසැලක් පවත්වා ගෙන යමින් සිටිනෙකි .
චීන ජනතාවගේ සංස්කෘතික සංකේතයක් වන මෙම " විංචුං " සටන් කළා ශෛලිය ශ්‍රී ලංකාව පුරා ප්‍රචලිත කිරීමටත් , එළඹෙන 2025 වසරේ චීනයේ පැවැත්වීමට නියමිත ලෝක කුන්ෆු තරගාවලියේ දී " විංචුං " ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමක් එම තරගාවලියට සහභාගී කර වීමටත් මෙම සංචාරය තුළින් අපේක්ෂා කරන බව සදහන් වේ.
"ය සඕරොන්ග් " මහතා සමග පැමිණි අනෙකුත් සටන් කළා ශිල්පීන් 01/05 දින සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී මෙම ශෛලිය පිළිබඳ දේශනයක් සමග සටන් කළා ප්‍රදර්ශනයක් පැවැත්වීමට සහ 01/06 දින උදෑසන 08.00 සිට සවස 06.00 දක්වා මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී මෙම ශෛලිය පිළිබඳ පුහුණු සැසියක් පැවැත්වීමටත් කටයුතු යොදා තිබේ .
මෙම චීන සටන් කළා ශිල්පීන් පිරිස 01/04 දින රාත්‍රී 07.20 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා ඇතුළු පිරිසක් ද , ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.