බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුල කල හදිසි සෝදිසි කිරීමකදී ඉතා ඉහල වටිනාකමක් ඇති ජංගම දුරකථන ඇතුලු උපාංග විශාල සංකයාවක් හා හෙරොයින් ,අයිස් මත් දවය තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (30) පස්වරුවේදි අත් අඩඟුවට ගන්නා ලදි.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුල හදිසි සෝදීසි කිරීමක් කර අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.ජංගම දුරකථන 11 ක්, සිම්පත් 13 යි, චාජර්, පොකට් රවුටර්, එම අමතර බැටරි, ඩේටා කේබල්, Adapter හා තවත් උපකරණ සමග හෙරොයින් ග්රැම් 03 මිලි ග්රැම් 150 ක්, අයිස් මත් ද්වය ග්රෑම් 01ක්, දුම් කොල කැබලි සොයාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර ඇත.