ශ්රී ලංකාවේ කොවිඩ් ප්රතිශක්තීරණ වැඩසටහන යටතේ කොවිඩ් බූස්ටර් එන්නත් මාත්රාව ලබාගත් පිරිස මිලියන 4 ඉක්මවා තිබේ. ඊයේ දිනය අවසන් වන විට පුද්ගලයන් 4 006 720ක් වෙත බූස්ටර් මාත්රාව ලබා දී තිබුණි.
ඊයේ දිනයේදී පමණක් පුද්ගලයන් 130 644ක් වෙත බූස්ටර් මාත්රාව ලබා දී තිබේ. ලංකාවේ බූස්ටර් මාත්රාව ලෙස ලබා දෙන්නේ ඇමෙරිකාවේ ෆයිසර් එන්නතයි.