බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායනය වූ තවත් 26 දෙනෙකු 08, 10 සහ 11යන දිනයන්හි ඉන් පිටත්ව යන ලදි.
සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ ශ්‍රී ලාංකිකයින් 07ක්, 06ක් සහ 13ක් වශයෙන් කණ්ඩායම් තුනක් (03) මෙම පිරිස අප්‍රේල් 08, 10 සහ 11 යන දිනයන්හිදී බූස්ස නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
තවද මෙම නිරෝධායන මධ්‍යසථානය තුළින් පිටව යන පුද්ගලයින් පීසීආර් පරීක්ෂණයකට භාජනය කිරීමට අප්‍රේල් මස 10 වන දින සිට කටයුතු කර ඇති අතර, මෙලෙස නිරෝධායනය අවසන් කර පිටව යන පිරිස වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා දෙනු ලබන සහතික ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ අණදෙන නිලධාරී විසින් ලබා දීම සිදු කරන ලදි.
මේ වන විට පුද්ගලයින් 48 දෙනෙකු නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, තවදුරටත් මෙම මධ්‍යස්ථානය තුළ ශ්‍රී ලාංකික පුද්ගලයින් 49 ක පිරිසක් නිරෝධායනය වෙමින් සිටී.