බුද්ධාගම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රකාශ කළැයි ප්‍රහසන ශිලිපිනි නතාෂා එදිරිසූරිය සහ බෲනෝ දිවාකරට එරෙහි පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ(19දා) නියෝග කළේය.
බුද්ධාගමට අපහාසාත්මක වන අයුරින් වෛරී ප්‍රකාශ ඉදිරිපත් කිරීම යන චෝදනාව යටතේ මොවුන්ට එරෙහිව නඩු පවරා තිබූ අතර එම චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහිව නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු කරුණු දක්වමින් අධිකරණයට දන්වා සිටියහ.එම කරුණු දැක්වීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.
2023 අප්‍රේල් 01 වැනිදා පැවැති වැඩසටහනක දී නාතාෂා එදිරිසූරිය යන අය කළ ප්‍රකාශය බෲනෝ දිවාකර යන අය විසින් අන්තර්ජාලයට මුදා හැර ඇත. එම ක්‍රියාවෙන් ආගම් අතර පවතින් සංහිඳියාව බිඳ වැටෙන ආකාරයට සහ බෞද්ධ ධර්මයට අපහාසයක් සිදුකර ඇති බව පෙන්වා දෙමින් සිංහල බෞද්ධ සංවිධානය විසින් මෙම පැමිණිල්ල සිදු කර තිබුණි.