මරදාන ඩින්ස් පාර ප්‍රදේශයේදී බුද්ධි අංශ නිලධාරියකුට සිවිල් ඇඳුමෙන් සැරසී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිස්තෝල අවියක් එල්ල කර බිය ගන්වා මෝටර් රථයෙන් පළා ගිය සැකකරු යක්කපිටිය මධ්‍යම අධිවේගී හුවමාරුවේ දී සෙල්ලම් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් සහ නියෝග මත ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා දියත් කරන ලද විශේෂ මෙහෙයුමේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක ලක්මාල් නිලධාරියාගේ කණ්ඩායමට අයත් බුද්ධි අංශ නිලධාරියකු ට සැකකරු මෙලෙස සෙල්ලම් පිස්තෝල අවිය එල්ල කර බිය ගන්වා තිබිණි.
ඒ සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය එම සැකකරු මෝටර් රථයෙන් මධ්‍යම අධිවේගී ඔස්සේ පලා ගොස් යක්කපිටිය හුවමාරුවෙන් පිටවීමට යාමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු රියදුරෙකු ලෙස සේවය කරන කෙහෙල් පන්නල අම්බලාව පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙකි.
සැකකරු විවිධ අපරාධවලට සම්බන්ධව යම් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමට සම්බන්ධ වූවෙක්ද, යන්න හා එම සෙල්ලම් පිස්තෝලය අවිය එල්ල කර කොල්ලකෑම් සිදුකර තිබේද, යන්න අනාවරණය කර ගැනීම සඳහා රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.