විදේශීය රටකින් ලබා දී ඇති සංචාරකඅනතුරු ඇඟවීම වැනි තොරතුරු පසුගිය රජය සමයේත් ලබා දුන් බවත් එවැනි බුද්ධි තොරතුරු හෙළිදරව් කිරිමකින් තොරව මාධ්‍ය සංදර්ශන වලින් තොරව ඉතා සූක්ෂමව ඒ සඳහා මුහුණ දී ඒවා රැසක් වලක්වා ගැනීමට හැකි වූ බවත් මෙම බරපතල ප්රරකාශය තුළ රටේ බරපතළ ප්‍රශ්නයක් පැන නගින බව හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා 23 දින පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ මහජන රැස්වීමකට සහභාගි වී සිටින අවස්ථාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කියා සිටියේ විශේෂයෙන්ම විදේශීය රටකින් පනවා ඇති සංචාරක අනතුරු ඇඟවීම බරපතල ප්‍රශ්නයක් බවය.
මෙරට බුද්ධි අංශවල මොරාල් එකේ අඩුවීමක් ඇති වී තිබෙන බවද සඳහන් කළ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මීට වඩා බුද්ධි අංශ පිළිබඳව අවධානය යොමු කොට රටේ ස්ථාවරභාවයට ඇති කිරීමට කටයුතු කළ යුතු බවය
රටේ යම්කිසි කඩා වැටීමක් දෙදරීමක් සිදුවන්නට පෙර ඒවා නිවැරදි මඟට ගැනීම තමන් සිතන බවත් මෙවැනි සිද්ධීන් සිදුවන තුරු බලා සිට දේශපාලනය කරන තරම් පහත් මට්ටමක තමන් නොසිටින බවද හෙතෙම සඳහන් කළේය.
රජයක වගකීම මෙවැනි තොරතුරක් ලැබුණු සැනින් අඬ බෙර ගසා සංදර්ශන පවත්වා මාධ්‍ය නිවේදන නිකුත් කිරීම නොව සිදුකළ යුත්තේ ඊට බුද්ධිමත්ව පිළිතුරු ලබාදීම බවද එවැනි සිද්ධීන් පසුගිය කාලයේ ලැබී තිබියදී ඒවා විසඳා ගැනීමට රජයට හැකි වූ බව හෙතෙම පැවසීය
පසුගිය වසර දෙකහමාරක කාලය තුළ මෙවැනි සිද්ධීන් රාශියක් වාර්තා වී තිබුණු බවද ඒවා වළක්වා ගැනීමට හැකියාව පැවති රජයට සහ ආරක්ෂක අංශවලට හැකි වූ බව හෙතෙම අවධාරණය කරන්නට විය.
මෙදින ලැබී ඇති තොරතුර පිළිබඳව අවධානය යොමුවීමේ දී බරපතළ ප්‍රශ්නයක් මතුවන බවත් එම තොරතුරු පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ග ගෙන නැති බවද හෙතෙම පැවසීය
එමෙන්ම මෙම පවතින ක්‍රමවේදය පිළිබඳව විශ්වාසනීයත්වයක් නැති බව මෙම තොරතුරෙන් කියවෙන්නේ යැයි ද ප්‍රමිත බණ්ඩාරතෙන්නකෝන් මහතා අවධාරණය කළේය,
වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රමිත බණ්ඩාර මහතා
" විදේශ රටක් ඔවුන්ගේ පුරවැසියන්ට මෙම නියෝගය එහෙම නැත්නම් අවධානම ලබලා දීලා තියෙන්නේ කියන එක අපේ හැඟීම, මේකෙන් ප්‍රශ්න කීපයක් අපිට එනවා, ඒ වගේම යම්කිසි කැලඹීමක් ඇතිවනවා , එනිසා අපි විශ්වාස කරන්නේ මෙවැනි දේ සිදු නොවිය යුතුවබව .
"ආරක්ෂක අංශ බුද්ධි අංශ මේ අවස්ථාවේ දැඩිව ක්‍රියාත්මක විය යුතු තිබෙනවා. ඒවගේම අපිට පේනවා දැනෙනවා තේරෙනවා අවබෝධ වෙනවා එමෙන්ම බුද්ධි අංශවල මොරාල් එකේ අඩුවක් අපට පේනවා ,ඒක බොහොම කණගාටුදායක තත්වයක් කවුරු ජනාධිපති වුණත් කවුරු ආණ්ඩු කරත් මේක අපේ රට දේශපාලන කුහකත්වයක් අපි ළඟ නැහැ.
ආණ්ඩුවේ කකුලෙන් අදින්න අපි සූදානම් නැහැ ,ආණ්ඩුව වැටෙනකම් බලාගෙන ඉන්න අපි සූදානම් නැහැ. රටේ අර්බුදයක් වෙනකන් බලාගෙන ඉන්න සූදානම් නැහැ. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ අලූත් ජනාධිපතිතුමාගේ අවධානය දැඩිව ක්‍රියාත්මක කළ යුතු වෙනවා. බුද්ධි අංශ වලට වැටෙන්න ඉඩ දෙන්න එපා. මම ඉල්ලා සිටිනවා බුද්ධි අංශවල මොරාල් එක බිඳෙන්න දෙන්න එපා කියලා එහෙම වුනොත් එහි එන ප්‍රථිපල බොහොම ඛේදනීය තත්ත්වයක් වෙන්න පුළුවන්."