තායිලන්ත රජුගේ උපන් දිනය නිමිත්තෙන් මෙරට බෞද්ධාගමිකයන් වෙනුවෙන් ඉදිරි ජුනි මාසයේදී දින 15 ක් පුරා තාවකාලික පැවිද්ද ලබා දීමේ විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට තායිලන්ත රජය සැලසුම් කර ඇතැයි බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය පවසයි.
මේ යටතේ මෙරට රාජ්‍ය සේවයේ සියලු සේවාවන් නියෝජනය වන පරිදි තෝරා ගන්නා රාජ්‍ය නිලධාරීන්ටද තාවකාලික පැවිද්ද ලබා දීමට තායිලන්ත රජය එකඟතාව පල කර ඇති බව එම අමාත්‍යාංශය පැවසීය.
බෞද්ධ ආගමික කටයුතු සඳහා විශේෂ ඇල්මක් දක්වන වයස අවුරුදු 35 ත් 50 ත් අතර පිරිමි නිලධාරීන්ට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ www.mbs.gov.lk නිල වෙබ් අඩවියේ සඳහන් නිර්නායක හා උපදෙස් අනුව මැයි 22 ට පෙර මාර්ගගත ක්‍රමයට පමණක් මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.
තායිලන්ත තානාපති කාර්යාලය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශය එක්වී පවත්වන සම්මුඛ පරීක්ෂණයක් මගින් මේ වැඩ සටහන සඳහා තෝරා ගන්නා රජයේ නිලධාරීන්ට තායිලන්ත රජය මගින් නොමිලේ ආහාර පාන, ගුවන් ටිකට් පත් හා නවාතැන් පහසුකම් හා මෙරට රජයෙන් වැටුප් සහිත විදේශ නිවාඩු ලබාදෙන බවද බුද්ධ ශාසන අමාත්‍යාංශය පැවසීය.