මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ළූණු වගාව සදහා සුදුසු පරිසරයක් පවතින පවතින බැවින් එම වගාව ප්‍රවර්ධන කිරිමේ විශේෂ වැඩසටහනක් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ආරම්භක කර ඇත. මේ වන විට ගොවීන් 2700ක් බීළූණු වගාව සදහා ප්රවේශවීමට අපේක්ෂාවෙන් සිටින බව ද වාර්ථා වනවා. මේ සඳහා පසු අස්වනු තාක්ෂණික දැනුම, බෝග වගා සායන හා වගා නඩත්තු පුහුණුවක් ද ලබාදීමට නියමිතය.
කෙසේ වෙතත් මේ වන විට වෙළදපළේ බීළූණු බීජ කිලෝ එකක් රුපියල් 35000ක් පමණ වන බවත් ප්‍රමාණවත් තරම් බිජ නොතිබීම නිසා ආනයනය කිරිමට සිදුවන බවත් මෙහිදී නිලධාරින් පෙන්වා දුන්නේය. සාමාන්‍යයෙන් බීජ බී ළුණු කිලෝ 1කින් පුමාණවත් වන්නේ වගාබිම් අක්කර 1ක් බව ගොවීන් පවසයි. අප්‍රේල් මාසය වන විට ගොවින්ට තාක්ෂණික පුහුණුව ලබා දී අවසන් කිරීමෙන් අනතුරුව වගාකටයුතු ආරම්භ කිරීමට නියමිත බව අදාල නිළදාරීන් පවසනවා.
නාවුල ඉන්දික අරුණ කුමාර