ඉරිදා උදෑසන 7.00 වන විට බීජිං හි තවත් COVID-19 සිද්ධීන් අටක් අනාවරණය වී ඇති අතර, ඒවා සියල්ලම නගරයේ ෂින්ෆාඩි වෙළඳපොළට සම්බන්ධ බව බීජිං රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ පැන්ග් සිංහුඕ ඉරිදා මාධ්‍ය හමුවකදී පැවසීය.
පලතුරු, එළවළු සහ මස් අලෙවි කරන විශාල තොග වෙළෙඳපොළක් වන ෂින්ෆාඩි බීජිං හි ෆෙන්ටයි දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර නව කොරොන වයිරස් පොකුරක් එයට සම්බන්ධව වාර්තා වී තිබේ.
ජුනි 11 සිට ඉරිදා උදෑසන විට බීජින් හි නව කොවිඩ් 19 රෝගීන් 51 දක්වා වාර්තා වී තිබේ.බීජින් නුවර ජුනි 11 ට පෙර දින 56 ක් අඛණ්ඩව දේශීය සම්ප්‍රේෂණ වාර්තා නොවීය.
මේ වන විට, බීජිං හි අවම වශයෙන් දිස්ත්‍රික්ක හයක් තුළ කොවිඩ් රෝගින් තහවුරු වී ඇති අතර ෆෙන්ග්ටායි රෝගීන් 37 ක් වාර්තා වී තිබේ.
අනෙකුත් දිස්ත්‍රික්ක අතර ෂිචෙන්ග්, ෆැන්ෂාන්, ඩැක්සිං, හයිඩියන් සහ චොයැන්ග් ඇතුළත් වේ.
නව පොකුරෙන් පසුව, බීජිං සිය මහජන සෞඛ්‍ය හදිසි ප්‍රතිචාරය ෆෙන්ටයි දිස්ත්‍රික්කය වෙනුවෙන් 2 වන මට්ටමේ සෞඛ්‍යමය හදිසි ප්‍රතිචාරය ස්ථාපිත කළේය.
වෙළඳපලේ සේවය කළ හෝ පැමිණි පුද්ගලයිව් 8,186 ක් පී.සී.ආර්. පරීක්ෂාට ලක්කර ඇති අතර ඇති අතර ඉන් 5,803 ක් මේ දක්වා වෛරසය සඳහා සෘණාත්මක බව තහවුරු කර තිබේ.
වෙළඳපොළ අසල ජීවත් වන පුද්ගලයින් 46,000 ද පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.සෙනසුරාදා සිට, වෙළඳපොළ තුළට ඇතුළුවීමට හෝ පිටවීමට කිසිවෙකුටත් අවසර නැත.
වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් 394 දෙනෙකු සොයාගෙන ඇති අතර, ඔවුන්ගෙන් 111 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.
නිරෝධායන භාවිතය සඳහා කාමර 1,000 ක ධාරිතාවයකින් යුත් ෆෙන්ටයි හි හෝටල් 11 ක් වෙන් කර තිබේ.