මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඝාතනය කිරීම සඳහා වෙස් වලාගෙන පැමිණ එය ඉටු නොවූ තැන ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දනගස්වා රන් භාණ්ඩ ඇතුළු දේපළ කොල්ලකෑ ඒ. එස්. පි. නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අපරාධකරු ඇතුළු සිව් දෙනෙකු පැය කිහිපයක් තුළදී අත්අඩංගුවට ගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි
සැකකරුවන් සමග කොල්ල කන ලද රන් ආභරණ, ජංගම දුරකථන සහ කොල්ලයට යොදාගත් තියුණු ආයුධ යකඩ පොල්ලක් , ආරක්ෂක හිස් වැසුම් හා වෙස් වලා ගැනීම සඳහා යොදාගත් ඇඳුම් පැළඳුම් තොගයක් පොලිස් භාරයට ගෙන ඇත
මොරටුමුල්ල විල්ලොරවත්ත ප්‍රදේශයේ පදිංචි විවිධ ජාරාමවලට සම්බන්ධ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඉකුත් 6 වෙනි දින අලුයම 2.30 ට පමණ මෙම සැකකරුවන් නිවස වෙත පැමිණ ඉදිරිපස දොරට තට්ටු කර ඇති අතර දෙසියන් දොර විවෘත කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මුළුතැන් ගෙයි දොර කඩාගෙන නිවස තුළටඇතුළු වී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ජාවාරම්කරු ඒ වන විට නිවසේ සිට නැතිඅතර අපරාධකරුවන් ඔහුගේ බිරිඳ සහ බිරිඳගේ මව දණගස්වා රන් ආභරණ සහ අනෙකුත් දේපළ මෙන්ම රුපියල් 23000/= ක මුදලක්ද කොල්ලකා පලා ගොස් තිබිණි
අදාළ කොල්ලය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි මොරටුමුල්ල පොලිසියේ නිලධාරීන් සවිකර තිබූ සී සිටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටියදී ලද තොරතුරක් අනුව ප්‍රධාන සැකකරු මොරටුව බස්නැවතුම්පොළේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරුවෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අපරාධයට සෙසු සැකකරුවන්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන්කරයි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන ඒ එස් පි යන අන්වර්ථ නාමෙන් හඳුන්වන සැකකරු සහ සෙසු සැකකරුවන් මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ වූවන් බව පොලිසිය කියයි.
සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මොරටුමුල්ල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.