දේශිය බිත්තරයක තොග මිල රුපියල් විසි අටක් (28) දක්වා පහත වැටි තිබියදි බිත්තර මිල වැඩි බව පවසමින් බිත්තර මිලියන නවයක් (09) රටින් ගෙන්විමට සැලසුම් කරමින් තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය සදහන් කරයි.
ගෙවිගිය වසර දෙකක කාලය තුලදි පැවැති ආර්ථික අර්බුදය නිසා බිත්තර නිෂ්පාදන කරණ කුඩා ගෙවිපලවලවල් දහස් ගණනක් වසා දැමු බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සදහන් කළේය.
මේ වන විට වසා දමා තිබු ගොවිපලවල්වලින් යම් ප්‍රමාණයක් සක්‍රිය තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ඉන්දියාවෙන් බිත්තර ගෙන්විමට කටයුතු කලහොත් සක්‍රිය වෙමින් තිබෙන ගොවිපලවල් නැවත වැසි යා හැකි බවද පවසා සිටියේය.
දැනට දෛනිකව බිත්තර ලක්ෂ හැටක පමණ අවශ්‍යතාවයක් තිබෙන බවත් ඒ හා සමාන බිත්තර ප්‍රමාණයක් වෙළද පොලට පැමිණෙමින් තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා බිත්තරයක තොග මිල රුපියල් 28 ක් දක්වා පහත වැටි තිබෙන බවත් නිෂ්පාද වියදම් ඉහල යාම නිසා බිත්තරයක් නිෂ්පාදනය කර ගැනිමට රුපියල් 28 කට ආසන්න මුදලක් වැය වන බවද සදහන් කළේය.
මේ නිසා ඉන්දියාවෙන් බිත්තර ගෙන්විම නවතා දමා දේශිය ගොවිපලවල් නගා සිටුවිමට හා මව් සතුන්ගේ මිල හා සත්ව ආහාර මිල අඩු කිරිමට වැඩපිලිවෙලක් සකස් කල හොත් දේශිය බිත්තරයක මිල තවදුරටත් අඩු කලහැකි බවද පවසා සිටියේය.
බිත්තරයක තොග මිල අඩු විමට සාපෙක්ෂව ඇතැම් ප්‍ර දේශවල බිත්තරයක සිල්ලර මිල රුපියල් 36 ක් දක්වා පහත වැටි තිබෙන බවත් පොදුවේ බිතරයක සිල්ලර මිල රුපියල් 40 ත් රුපියල් 42 ත් අතර මිලක පවතින බවද සදහන් කළේය.