වතුගෙදර ආපනශාලවකින් ආහාරයට ගත් බිත්තර රෝල්ස් එකට දමා ඇත්තේ ප්ලාස්ටික් වලින් සෑදූ බිත්තරයක් බවට අද (9දා) ලැබුණු පැමිණිල්ලකට අනුව අහුන්ගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කළේය.
වතුගෙදර මාළු වයාපාරිකයෙක් අද(9) උදේ වතුගෙදර ආපනශාලාවකින් කෑමට ගත්ත බිත්තර රෝල්ස් එකකට දමා ඇත්තේ ප්ලාස්ටික් බිත්තරයක් බවට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණය ආරම්භ කෙරිණ.
තමා බිත්තර රෝල්ස් එක ආහාරයට ගන්නා විට බිත්තර යයි කියන එක ආහාරයට ගැනීමේදී එය කොච්චර හැපුවත් හැපෙන්නේවත් කැඩෙන්නේවත් නැති බව දැනීමත් එය අතට ගෙන බැලීමෙන් පසු බිත්තරය සදහා දමා ඇත්තේ ප්ලාස්ටික් බව අනාවරණයවූ බව මාලු වයාපාරිකයා කීවේය.
තමා බිත්තර යයි කියන කොටස පිච්චුවද එය නොපිච්චුණු බව ද ඔහු කීවේය. අහුන්ගල්ල සෞඛ්‍ය වෛදය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛය පරීක්ෂක නලින් අභයසිරුවර්ධන ,සී.විජේවීර යන මහත්වරුන් පැමිණිල්ලට අනුව ස්ථානීය පරීක්ෂණයට පැමිණියහ.
බිත්තරයේ කොටස රස පරීක්ෂකට යවා ලැබෙන තීරණය අනුව ඉදිරි පියවර ගන්නා බව මහජන සෞකය පරීක්ෂකවරු පැවසූහ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_939a41a9fc.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_588b11dcc2.jpg)