ශ්‍රී ලංකා කතෝලික රදගුරු මණ්ඩලය සමගින් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතින් විශේෂ භාරයක් අප්‍රේල් මස තුන්වැනිදා රාගමදී සිදු කිරීමට නියමිතය.
රාගම තේවත්ත බැසිලිකාවේදී උදෑසන 11.00ට මෙම විශේෂ භාරය සිදුකිරීමට නියමිත බව අගරදගුරු නිල නිවස දන්වා සිටියි.
දෙවන ලෝක යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් වූ භාරයක් මත තේවත්ත බැසිලිකා දේවස්ථානය ඉදිකර ඇති අතර පවතින වසංගත තත්ත්වය හමුවේ රටේ ආරක්ෂාව පතා මෙම භාරය උන්වහන්සේ විසින් සිදුකිරීම විශේෂත්වයකි.