පොදු ජන පෙරමුණු රජයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතාගේ වත්කම් ,දේපළ පිළිබඳව තමා කළ ප්‍රකාශයත් සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු ලබාදීම සඳහා අද (3) දින හිටපු අමාත්‍යවරයකු වන විමල් වීරවංශ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත පැමිණියේය. ඔහු සමග නීතිඥ සහය ලබාදීම සඳහා හිටපු ඇමතිවරයකු වන නීතිඥ උදය ගම්මන්පිල මහතා සමග පැමිණ තිබේ.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා හෙළිකරන ලද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ වත්කම් දේපල පිළිබඳව ලිඛිත තොරතුරු එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර ඔහුගේ ඇමරිකාවේ ඇති දේපළ පිළිබඳව එරටින් තොරතුරු ලබාගත හැකි බවද හෙතෙම ප්‍රකාශ කොට තිබේ.
කමල් ශ්‍රී ලියනගේ