Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
2025 පෙබරවාරි මස 25 වන අඟහරුවාදා
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන පුෂ්පාරාජපක්ෂ මහත්මියගේ පදනමට (පුෂ්පා රාජපකෂ පදනම) රුපියල් 19,410,000 (රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දසදහසක මුදලක්) (ඩොලර් 150,000) ලබාදුන්නේ ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් නිවාස ඉදිකිරීමේ යහපත් චේතනාවෙන් බව කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT) සඳහන් කරයි.
චීනයේ සී.එම්. පෝර්ට් (CM Port) සමාගම මගින් කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය පුෂ්පා රාජපක්ෂ පදනමට රුපියල් ලක්ෂ 194කට අධික මුදලක් ලබාදී ඇති බවට පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාද සඳහන් කළේය.
එය කිසිසේත්ම අල්ලසක් නොවන බවත්, එය සමාගමේ විගණන වාර්තාවලට පවා ඇතුළත් කර ඇති බවත් කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය අද (12දා) නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම මේ පිළිබඳ මීට වසර තුනකට පෙර විමර්ශනයක් ආරම්භ කර ඇති බවද, නැවත වරක් මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළ වන හෙයින් තම සමාගමේ සමාජ වගකීම්වල කොටසක් ලෙස මෙම මුදල් ලබාදුන් බවට නැවත වරක් ප්‍රකාශ කරන බවද සමාගම පවසයි.
මේ පිළිබඳ විමර්ශනය කරන ආයතන වෙත අවශ්‍ය සියලු තොරතුරු ලබාදී ඇති බවත්, කොළඹ වරායේ දකුණු පර්යන්තය ඉදිකිරීමට අදාළ එකඟතාවට පැමිණීමෙන් බොහෝ කාලයකට පසුව අදාළ මුදල පරිත්‍යාග කළ බවත්, ඒ වනවිටත් ඉදිකිරීම් කටයුතු ආරම්භ වී තිබුණු බවත් සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
popular news
Ruwan Thursday, 12 July 2018 04:47 PM
මෙහෙම තමයි අල්ලස් දෙන්නේ. නැතුව හොරෙන් දෙන්නේ නැහැ. දැන් ඔප්පුවුණා නිසා කරගන්න දෙයක් නැතුව මෙහෙම දොඩවනවා. දැන් තියෙන්නේ හදපු ගෙවල් ටික මේ ලෝකේ කොහේ හරි තියෙනවද එහෙම නැත්නම් වෙන ලෝකෙක හදලද කියල අංජනමක් යවල බලන එක විතරයි. මෙහෙමත් අයනේ අයෙත් මේ චන්දෙ ඉල්ලන්න ඇඳුම් ඇඳගෙන අපේ ලඟට එන්නේ. ඕනෑම පොඩි එකෙකුට තේරෙනවා කාපු දේවල රස මතක් වෙලා තමයි මේ නැවත බලය ඉල්ලන්නේ කියලා.
Reply : 3 191
rocy Friday, 13 July 2018 06:13 AM
අල්ලසක් නොවෙයි නම් වෙන මොකක්ද? ඇමතිගේ බිරිඳට තෑග්ගක් ද? එහෙම දෙන්න මේ සමාගමට තියන කැක්කුම මොකක්ද? ඔක්කොම හොරු. චීන්නුත් හොරු!
Reply : 1 42
gunasena Friday, 13 July 2018 06:24 AM
කරුණාකර මෙම මුදල් ලංකා ආණ්ඩුවෙන් නැවත අයකර ගැනීමට පියවර ගත්ත බව ඇත්තද? පිනට දුන්නනම් එසේකල නොහැකි.
Reply : 1 41
Ruwan Friday, 13 July 2018 09:02 AM
දන්නේ නැති නිසා අහන්නේ, අපිටත් ගෙයක් හදාගන්න කියක් හරි ඉල්ලගන්න පුළුවන් විදියක් කියන්න. මගෙත් යාලුවෙක් ඔය කම්පැනි එකේ දැනට අවුරුදු 15 ක් විතර වැඩ කරනවා. ගේ හදලා දුන්නත් කමක් නැහැ. සල්ලි නම් නැතත් කමක් නැහැ.
Reply : 0 215
ase Friday, 13 July 2018 09:58 AM
පව් නේ ? ගෙදරක් නැති නිසා මල්වානෙන් ගෙයක් හදා ගන්න සල්ලි දෙන්න ඇති !--- ඕව කියපල්ලා කොන්ඩෙ බැන්ද චීන්නුන්ට බෝල !!!
Reply : 0 0
Don Monday, 16 July 2018 05:49 PM
This money is a BRIBE ! BRIBE ! and a BRIBE which ever the way they describe Why did they only pay her ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd