ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා හිටපු අමාත්‍ය මෙන්ම පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර ජනපති අපේක්ෂකත්වය හා ඉදිරියේදී ගොඩ නැගීමට නියමිත සන්ධානය පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පවත්වා තිබේ.
මෙහිදී ගොඩ නැගිමට නියමිත සන්ධානයේදී පලාත් පාලන ආයතන සදහා සියයට තිහක් පලාත් සභා සදහා සියයට තිස් පහක් හා පාර්ලිමේන්තුව සදහා සියයට හතලිහ බැගින් කෝටාවක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබා දෙන බව ජනපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙහිදී බැසිල් රාජපක්ෂ විසින් පළාත් පාලන ආයතන සදහා සියයට අනූවක් පාර්ලිමේන්තුව සදහා සියයට හැත්තෑවක් සහ පළාත් සභා සදහා සියයට හැත්තෑවක් ඉල්ලා ඇත. ඒ අනුව මෙම සාකච්ඡාව විසදුමකින් තොරව අවසන් ව තිබේ.
අතර මේ ඉරිදා නැවත ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ හමුවීමට නියමිතය.