වත්මන් ආණ්ඩුව මුදල් මුද්‍රණය නොකළ බව ප්‍රකාශ කළද බැංකුවල ද්‍රවශීලතාව රැක ගැනීමට රුපියල් බිලියන 100 ක් මුද්‍රණය කළ බවත්, බිලියන 600 ක් ණය ලබාගත් බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.එසේම මාධ්‍යවලට තර්ජනය නොකර ප්‍රජාතන්ත්‍රවාදීව හැසිරෙන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.මේ පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"කවුරු හරි කෙනෙක් කියනව නම් නෑ කියලා මම ඕනම විවාදයකට එන්න ලෑස්තියි. මේ අය බිලියන 100ක් මුදල් අච්චු ගහලා බැංකුවල ද්‍රවශීලතාව රැක ගන්න කටයුතු කළා. ඒ කියන්නේ බැංකුවල මුදල් හිඟයක් තියෙනවා. ඒ හිඟය රැක ගැනීම සඳහා මුදල් අච්චු ගැසූ බව මහ බැංකු වාර්තාවේ නොකියා කියනවා.
ඒ කියන්නෙ බැංකුවල මුදල් හිඟයක් තියෙනවා. ඒ හිඟය රැක ගැනීම සඳහා තමයි මේ අය මුදල් අච්චු ගැහුවේ. රජයක් විදිහට මේ අය නොකියා පිළිඅරගෙන තියෙනවා. සමහර බැංකුවල ද්‍රවශීලතාව අඩු නිසා එය රැක ගන්න මුදල් අච්චු ගැහුවා කියන එක ඉතාමත් පැහැදිලියි.
අනුර කුමාර දිසානායක මහතා ඊයේ වේදිකාවේ ඉඳන් තර්ජනය කරනවා මාධ්‍යවලට. හෙඩ් ලයින්ස් වැරදිලු. ඒවා තමන්ට ඕන විදියට දාන්න ඕනේලු. එහෙම මාධ්‍යවලට තර්ජනය කරන්න බැහැ. මොකක්ද හේතුව ? මුදල් අච්චු ගැහුවා කියලා හෙඩ් ලයින්ස් දාපු එක. මුදල් අච්චු ගැහුවා නම් ගැහුවා කියන්නේ නැතුව මාධ්‍යවලට මොනවා ද කියන්නේ.මාධ්‍ය බොරුවක් කිව්වා නම් තර්ජනය කළාට කමක් නෑ. හැබැයි ප්රජාතන්ත්රවාදී සැකැස්ම තුළ තර්ජනය කිරීම් ඉතාම පහත් වැඩක් බව ජනාධිපතිවරයාට මතක් කරන්න කැමැතියි.
මාධ්‍ය ආයතනය වාර්තා කළේ මහ බැංකුව මුදල් අච්චු ගැසූ බවට පිළිගත් වාර්තාව. අනුර කුමාර මහත්තයා විපක්ෂයේ ඉන්න කාලේ අපිට කරපු විවේචන අපි දරා ගත්තා. මට තරම් විවේචන කාටවත් කළේ නැහැ. සත්‍ය කරුණු ඉදිරිපත් කරනකොට අනුර කුමාර දිසානායක මහතාට රිදෙනව නම්, එයා අපිට එල්ල කළා වගේ අසත්‍ය කරුණු එයා ගැන ඉදිරිපත් කළොත් එයාට කොච්චර රිදේවිද ?ආණ්ඩුවක් වගකීමක් එක්ක උත්තර දෙන්න ඕන. මුදල් අච්චු ගැහුවා. ණය ගත්තා. තව දුරටත් මිනිසුන් ණය කාරයන් කරන්න එපා කියලා මම අනුර, විජිත සහෝදරවරුන්ටත්, හරිනි සහෝදරියටත් කියන්න කැමතියි"