මාතර ලංකා බැංකුව අධි ශ්‍රේණි ශාඛාවේ රථ ගාල ආසන්නයේ බිම වැටී තිබු රුපියල් ලක්ෂ 50 ක මුදලක් අහුලා නැවත එම බැංකුව වෙත භාර දීමට මාතර නගරයේ කූරියර් සේවා සපයන ආයතනයක සහකාර කලමණාකරුවකු අද (02) සවස කටයුතු කර ඇත.
මෙම සත් ක්‍රියාව සිදු කර ඇත්තේ අහංගම පදිංචි චන්දන උදයංග (38) මහතාය.
එම බැංකුවේ සේවකයින් විසින් ඒ.ටී.එම්.යන්ත්‍ර වෙත හෝ මහ බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන යන මුදල් තොගයෙන් ලක්ෂ 50 ක් එසේ බිම වැටෙන්නට ඇති බවට සැක කෙරේ.
මෙම සත්කටයුත්ත කර ඇති චන්දන උදයංග මහතා අහංගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
බිම වැටී තිබු ලක්ෂ 50 ක මුදල් නෝට්ටු තොගයේ ඡායාරූපයක් ලබා ගෙන ඇති ඔහු පසුව එහි ආරක්ෂක නිලධාරියෙකුට ඒ බව දන්වා බැංකු නිලධාරියෙකු ද කැදවා ඔවුන්ට එය භාර දී තිබේ.
පසුව ඔහු තමන් පැමිණි කටයුත්ත වෙනුවෙන් බැංකුවේ මුදල් තැන්පත් කරන පෝලිමේ සිටින විට එම සිද්ධිය ඈත සිට දුටු මාතර කඹුරුගමුව රථ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු වන අනිල් සුදුසිංහ මහතාට සිදු වු දෙය පවසා ඇත.
ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා බැංකුවේ කලමණාකරු හදුනන අයෙකු වන බැවින් ඔහු චන්දන උදයංග මහතා ද කැදවා ගෙන කලමණාකරු හමු වීමට ගොස් තිබේ.
එම අවස්ථාවේ දී බැංකු කලමණාකරු එම සත් කටයුත්ත කල චන්දන උදයංග මහතාගේ නම ගම ආදී විස්තර සටහන් කර ගෙන එවැනි ක්‍රියාවක් සිදු කිරීම ගැන ස්තූතිය පුද කර ඇත.
මෙවැනි මිනිසුන් සමාජයේ විරල බැවින් ඔහු ඇගයීමට ලක් කරන ලෙසට ව්‍යාපාරික අනිල් සුදුසිංහ මහතා ලිපියක් මගින් බැංකු කලමණාකරුගෙන් ඉල්ලීමක් කිරීමට ද තීරණය කර ඇත.
මෙම සත් ක්‍රියාව සිදු කල චන්දන උදයංග මහතා මෙසේ කීය.
“මම මුදල් තැන්පත් කිරීමට බැංකුවට ආවේ.යතුරු පැදිය නවත්වනවාත් සමගම මට දුරකතන ඇමතුමක් ආවා.මම ඒ ඇමතුමට ප්‍රතිචාර දක්වමින් සිටින බැංකුව බැංකුවේ උද්‍යානය ආසන්නයේ මුදල් බණ්ඩලයක් වැටී තිබෙනවා දැක්කා.
ඒ සමගම මම ජංගම දුරකනයෙන් එහි ඡායාරූපයක් ගත්තා.ඒ මගේ ආරක්ෂාවට.පසුව ආරක්ෂක නිලධාරියෙකුට දුර ඉදන් කතා කොට ගෙන්වා ගත්තා.පසුව එය බැංකු නිලධාරියෙකුට භාර දුන්නා.මගේ කටයුත්තට පෝලිමට ගිය විට ඒ අසලම සිටි ව්‍යාපාරික මහතෙකු මොකක්ද වුනේ කියා ඇහුවා.
මම සිද්ධිය කීවාම.ඔහු මාව කලමණාකරු ලගට එක්ක ගෙන ගියා.පසුව කලමණාකරු මට ස්තූතිය පුද කලා.මම ප්‍රෝන්ටෝ කූරියර් ආයතනයේ සහකාර කලමණාකරු ලෙස රැකියාව කරන්නේ.මම කල හොද ක්‍රියාව නිසා ව්‍යාපාරික මහතා මගේ ඡායාරූපයක් පවා ලබා ගත්තා.මම ඒත් කීවා මම හිත හොදින් කළේ.ප්‍රසිද්ධියක් ඕන නෑ කියලා.”