බාස්මතී සහල් සඳහා වන ආදේශක වී ප්රභේද දෙකක් හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය පවසයි.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද පර්යේෂණ ඉතාමත් සාර්ථක වී ඇති බවත්, තවත් මාස කීපයක් තුළ බෝග නිදහස් කිරීමේ කමිටු නිර්දේශ යටතේ මෙම බාස්මතී ආදේශක වී ප්රභේද දෙක මෙරට වගාව සඳහා නිදහස් කිරීමට හැකි බව එම ආයතනය කියයි.
බාස්මතී සහල් නිෂ්පාදනය කිරීම සඳහා මෙරට වගා කළ හැකි වී ප්රභේදයක් හඳුන්වාදීමට කාලයක සිට විවිධ පර්යේෂණ සිදු කළ ද බාස්මතී සහල්වලට ආදේශකයක් ලෙස යොදා ගත හැකි සාර්ථක වී ප්රභේදයක් නිපදවීමට නොහැකි වී තිබු බවද එම ආයතන පවසයි.
මේ වනවිට ඒටී 306 හා ඒටී 309 යන වී ප්රභේද දෙක බාස්මතී සහල් හා සමාන දිගටි වී ප්රභේද දෙකක් ලෙස හඳුන්වා දී ඇති බවත්, එම වී වර්ගද මෙරට ජනප්රිය වී ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා පුහුණු ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.
ශාන් හුලංනුගේ