අවුරුදු 16 දැරියකට අතනර කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයෙකු වරදකරු කරමින් පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසින් ඔහුට වසර 30 ක සිරදඬුවම් අද (24) දින නියම කලේය.
මොරටුව, ලක්ෂපතිය, කන්නගර මාවතේ පදිංචි රජීව රවිනාත් ජයතිලක නමැති 38 හැවිරිදි අයෙකු හට මෙසේ දඩුවම් නියම කෙරිණි.
විත්තිකරු 2021 ජනවාරි සහ මාර්තු මාසයන් අතරතුර කාලය තුල 16 හැවිරිදි දැරියකට අතවර කිරීම සම්බන්ධයෙන් කොළඹ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන චෝදනා තුනක් යටතේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපති වරයා විසින් මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.
එකී චෝදනා තුනෙන් එක් චෝදනාවකට නිදොස් කොට නිදහස් කර ඇති අතර , චෝදනා දෙකකට වරදකරු කර තිබේ.
එකී සිර දඩුවමට අමතරව විත්තිකරුට රුපියල් පන්දහසක දඩ මුදලක්ද වින්දිත දැරිය වෙත රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන ලෙසත් මහාධිකරණ විනිසුරු වරයා නියෝග කලේය.
එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක්ද ,වන්දි මුදල නොගෙවන්නේ නම් මාස දහ අටක ලිහිල් වැඩ සහිත සිරදඩුවමක්ද නියම කර තිබේ.
විත්තිකරු තවත් ස්ත්රී දූෂණයක් සම්බන්ධයෙන් මහනුවර මහාධිකරණය වෙතින් නියම කල අත්හිටවූ වසර දෙකක සිර දඩුවමක්ද බලාත්මක කිරීමට මෙහිදී නියෝග කර තිබේ.
සිර දඩුවම් කාලය වසර 15 බැගින් වෙන් වෙන්ව අවස්ථා දෙකකදී ගෙවීයන ලෙසද මහාධිකරණ විනිසුරු වරයා වැඩිදුරටත් නියෝග කරන ලදී.
ඒ අනුව විත්තිකරු දඩමුදල් සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් ඔහු විසින් විදිය යුතු මුළු සිර දඩුවම් කාලය වසර 34 ක් බව අධිකරණයේදී අනාවරණය විය.
විත්තිය සහ පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ මහත්ම මහත්මීන් පෙනී සිටියහ.
පානදුර සුමිත් පොතුපිටිය