පහලොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපහරණය කළා යයි වරදකරුවකුවූ අයෙකුට වසර 15 ක බරපතල වැඩසහිත සිර දඩුවමක්,වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් හා රුපියල් විසිපන්දහසක දඩ මුදලක් ගෙවන බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද (11) නියෝග කළේය.
මෙසේ සිරදඩුවම්,වන්දි මුදල් හා දඩ මුදල් ගෙවීමට සිදුවූයේ කරන්දෙණිය , කිරිපේද්ද පදිංචි පුද්ගලයකුටය.
2013 පෙබරවාරි මස 5 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරු පහලොස් හැවිරිදි බාලවයස්කාර දැරියක් දූෂණය කොට ඇතැයි කියමින් කරන්දෙණිය පොලීසිය විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කොට නඩු පවරන ලදි.
වසර 11 ක දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරු විසින් බාල වයසකාර දැරියක් දූෂණය කළ බවට සැකයකින් තොරව ඔප්පු වන්නේ යයි නිගමනය කළ මහාධිකරණ විනිසුරුවරයා ඔහුට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් රුපියල් විසිපන්දහසක වන්දි මුදලක් එය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඩුවමක් සහා වින්දිත දැරියට රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් එය නොගෙවන්නේ නම් වසර දෙකක ලිහිල් සිර දඩුවමක් නියම කළේය.
කරන්දෙණිය පොලීසිය විසින් ගොනු කොට තිබූ මේ නඩුව රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මහත්මිය මෙහෙයවනු ලැබුවාය. (I J)
එම්.සුසිල් ප්රියන්ත