අනුරාධපුර පිහිටි විහාරස්ථානයක වැඩ සිටි වයස අවුරුදු 13ක බාලවයස්කාර හිමි නමකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කල චීවරධාරියෙකු ඊයේ (16දා) අත්අඩංගුවට ගත් බවත් , ඒ සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බවද අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි
ෙමෙම සිද්ධියට සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර නව නගරය ආසන්නයේ ඇති විහාරස්ථානයක වාසය කල සිටි 22 හැවිරිදි ධීවරධාරියකි.
පැමිණිලි කාර හිමිනම වෙනත් විහාරයක හතරවන වසරේ පිරිවෙන් අධ්‍යාපනය ලබන අතර අවශ්‍යතාවයකට කලින් සිටි විහාරස්ථානයට වැඩම කල අවස්ථාවේදී සිද්ධියට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
පැමිණිලි කාර බාලවයස්කාර හිමි නම, මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කලේය. අත්අඩංගුවට ගත් චීවරධාරියා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.