නිරෝධායන නීතියට පටහැනි අයුරින් මත්පැන් හල් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර දෙන්නැයි ඉල්ලමින් ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමයක් ඉදිරිපත් කළ පෙත්සම ලබන 4 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27දා) නියම කළේය.
මත්පැන් හල් විවෘත කිරීමට නිරෝධායන නීතියට පටහැනි අයුරින් වගඋත්තරකරුවන් අවසරදී ඇතත් එදාවේල සරිකරගන්නා හත්දහසකට අධික ස්වයං රැකියා කරන පිරිසක් රැකියා කටයුතු අහිමි වී අගතියට පත් වී සිටින බව පෙන්වා දෙමින් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදින මෙම පෙත්සම කැදවීමටද නියම කළේය.
නිරෝධායන නීතිය යටතේ ‘නිසි බලධාරියා’ වන්නේ’ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා බවත් ඔහු පසුගිය අගෝස්තු 20 වනදා නිරෝධායන නීතිය යටතේ නිකුත් කළ නිවේදනයට අනුව මත්පැන් හල් විවෘත කර තැබීම තහනම් බවත් සිය පෙත්සම මගින් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එසේ තිබියදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියමයන්ට පටහැනි අන්දමින් පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිටි දිවයින පුරා මත්පැන් හල් විවෘත කිරීමට පියවර ගැනුණු බවත් පෙන්වා දෙති.
මත්පැන් හල් විවෘත කිරීමට තමන් අවසර නුදුන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සහ පොලිස්පතිවරයා ප්‍රකාශ කර ඇතැයි පවසන පෙත්සම්කරුවෝ නිරෝධායන නීතිය ක්‍රියාත්මක සමයකදී, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ නියමයන්ට පටහැනි අන්දමින් දිවයින පුරා මත්පැන් හල් විවෘත කිරීමට වගඋත්තරකරුවන් ගත් ප්‍රශ්න සහගත මෙම ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ඇතුළු ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වු බවට තීන්දුවක් ලබා දෙන්නැයිද ඉල්ලා සිටිති.
මත්පැන් හල් තව දුරටත් විවෘත කර තැබීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ටද සිය ජීවනෝපාය සරි කරගන්නා ව්‍යපාර කටයුතු වල නිරත වීමට අවසර දෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කාර එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටීති.