ලන්ඩන් (ෂින්හුවා) - කොරෝනා ආසාදනය වීම හේතුවෙන් බ්‍රිතාන්‍යයේ ශාන්ත තෝමස් රෝහලේ දැඩි සත්කර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකයේ සිට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුළත් කර තිබේ.
අංක 10 ප්‍රකාශකයෙකු සඳහන් කළේ, සුවය ලැබීමේ මුල් අවධියේදී අගමැතිවරයාට දැඩි අධීක්ෂණයක් ලැබෙනු ඇති බවයි. "ඔහු අතිශයින්ම උද්යෝගිමත්" යැයි ප්‍රකාශකවරයා පැවැසීය.
බ්‍රිතානය අග්‍රාමාත්‍යවරයා පසුගිය ඉරිදා දිනයේදී රෝහල් ගත කළේ ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දින 10කට පසුවය. පසුව ඔහු සඳුදා දිනයේදී දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය.