"Devon 5" බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය සිටි ධීවරයා විජයබාහු නෞකාව මඟින් අද (01) හම්බන්තොට වරාය වෙත රැගෙන විත් ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත යොමු කරනු ලැබිණි.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් “Devon 5” බහුදින ධීවර යාත්‍රාවේ අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයින් දෙදෙනෙක් ‘MV KOTA CAMIL’ නමැති වෙළඳ නෞකාවක් මඟින් පසුගිය 30 වන දින මුදවා ගැනීමට කටයුතු කෙරුණු මෙම ධීවරයින් ගොඩබිමට රැගෙන එන අතරතුර එක් ධීවරයෙකු ‘MV KOTA CAMIL’ නෞකාව තුළදී ජීවිතක්ෂයට පත් වු බවද නාවික හමුදා මුලස්ථානය සදහන් කරයි.
අසාධ්‍ය තත්වයේ සිටි අනෙක් ධීවරයා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විජයබාහු නෞකාව වෙත ඊයේ (30) වන දින සන්ද්‍යාවේදී දෙවුන්දර සිට නාවික සැතපුම් 170 ක් (කිලෝමීටර් 314 ක පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ලබා භාර දි තිබේ.