පෞද්ගලික හා ලංගම බස්රථ දෙකක් එකිනෙකා පරයා ගමන් යන්නට ගොස් සිදුවූ අනතුරකින් බස්රථ දෙක සිරවී මගින් 50 කට අධික පිරිසක් විනාඩි 40 ක් පමණ කාලයක් බස්රථයෙන් බැසගැනීමට නොහැකිව සිරවී සිටිමේ සිද්ධියක් වාර්තා විය.
මෙහිදී එක් බස් රථයක් ඉස්සර කිරීම්ට ගිය අවස්ථාවේ තවත් බස්රථයක ගැටීමෙන් මෙම ඊයේ (17දා) දඹුල්ල රෝහල ඉදිරිපිටදී අනතුර සිදුවී ඇත.
අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස්රථය මහනුවර බලා ධාවනය වෙමින් තිබී ඇත, පෞද්ගලික බස්රථය පොලොන්නරුව අරුණපුර සිට මහනුවර බලා ධාවනය වී තිබේ.
දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි කැකිරාව බස්නැවතුම්පොළේදී මෙම බස්රථ දෙකම එකම වේලාවට ධාවන ආරම්භ කොට නගරයේ සිට කිලෝ මීටර් එකක් පමණ දුරඑකිනෙකා ඉස්සර කිරීමට නොදී අපරික්ශාකාරිව ධාවනය වූ බව මගින් පවසති.
ඒ අනුව දඹුල්ල රෝහල ඉදිරිපිටදී ලංගම බස්රථය පසුකර යෑමට පෞද්ගලික බස්රථය සූදානම් වනවාත් සමඟ ලංගම බස්රථයේ රියැදුරු පෞද්ගලික බස්රථය ගමන් කිරීමට නොහැකි වන පරිදි මාර්ගයට හරවා බස්රථය හප්පා සිරකර දැමූබව බස්රථ දෙකේම මගීහුපවසති.
එම අවස්ථාවේ බස්රථ දෙකේම මගින් සියයකට අධික පිරිසක් සිට තිබේ.පෞද්ගලික බස්රථය සිරවීමත් සමග එහි සිටිම ගින් 50කට අධික පිරිසක් බස්රථයෙන් බැස ගැනීමට නොහැකිව බස්රථයේ සිරවී සිට ඇත.
දඹුල්ල රථ වාහන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂාකොට පෞද්ගලික බස්රථයේ සිටි මගීන් කඩිනමින් එළියට ගැනීම සඳහා ලංගම බස්රථය ඉවත් කිරීමට පියවර ගැනීම්සිදුකළහ.
ඔවුන් මාර්ගයේ සිරවී සිටි බස්රථ ඉවත් කොට රියදුරන් දෙදෙනා සහ බස් රථ දෙක පොලිස් භාරයට ගැනීමට පියවර ගත්තේය.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_8be4e28334.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_41ae3c4fea.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_a2b588ed2b.jpg)
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස